27.8 C
Colombo
2026-08-08
mediahumanrights.lk
Local NewsNews

දේශබන්දු වරදකරු කෙරේ..

සේවය අත්හිටවූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ කමිටුව, ඔහුට එල්ල වූ චෝදනාවන්ට වරදකරු බවට තීරණය කර ඇති බව කථානායක ජගත් වික්‍රමරත්න මහතා අද (ජූලි 22,) පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය.

කථානායකවරයා වැඩිදුරටත් සඳහන් කළේ, මෙම කමිටු වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් පවත්වා යෝජනාවක් සම්මත කර ගන්නා දිනය පසුව දැනුම් දෙන බවයි.

පාර්ලිමේන්තුවේ යෝජනාව සම්මත වීමෙන් පසු, අදාළ බලධාරීන්ට අතිරේක ක්‍රියාමාර්ග ගැනීමට හැකිය. එය ඔහු තනතුරෙන් ඉවත් කිරීමක් හෝ වෙනත් විනය ක්‍රියාමාර්ගයක් විය හැකිය.

Related posts

හදිසි නායයෑමේ අවදානම: මාණික්කාවත්තෙන් පවුල් 13ක් ඉවත් කරයි

Shiran Viraj

2015 ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණා නම්

Shiran Viraj

ලංකාවෙ විදේශ ණය ඩොලර් බිලියන 41යි.. ඒක සොච්චම් ණයක්.. ගාන කියන්නත් ලැජ්ජයි.

Shiran Viraj
Translate »