mediahumanrights.lk
Local NewsNews

ජනාධිපති අනුර කුමාර දිසානායක අපවත්වී වදාළ අනුනායක හිමියන්ට අවසන් ගෞරව පුද කරයි

අස්ගිරි පාර්ශ්වයේ අපවත්වී වදාළ අතිපූජ්‍ය ආනමඩුවේ ශ්‍රී ධම්මදස්සි අනුනායක ස්වාමීන් වහන්සේට ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා ඊයේ රාත්‍රියේ අවසන් ගෞරව දැක්වීය.

ජනාධිපතිතුමා අස්ගිරි මහා විහාරයේ උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහානායක හිමි අනුස්මරණ ශාලාවේ තැන්පත් කර ඇති අනුනායක හිමිපාණන් වහන්සේගේ ශ්‍රී දේහයට පුෂ්පෝපහාර දැක්වීය.

එම අවස්ථාවේදී අස්ගිරි පාර්ශ්වයේ මහා සංඝරත්නය වෙත ද ජනාධිපතිතුමා සිය ශෝකය ප්‍රකාශ කළේය. පසුව, ජනාධිපතිතුමා අස්ගිරි මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන මහානායක ස්වාමීන් වහන්සේ ද බැහැ දැක සුහද සාකච්ඡාවක් පැවැත්වීය.

Related posts

මහවැලි ගගේ මල සිරුරක් පාවේ..

Shiran Viraj

ගිනිගත් නැවෙන් අපට ලොකු වන්දියක් ලැබෙනවා.. ඒක මේ වෙලාවෙ ලොකු දෙයක්..- වාසු

Shiran Viraj

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ජලයෙන් යට වී ඇති ස්ථාන පිළිබඳව දැනුම් දෙයි

Shiran Viraj
Translate »