mediahumanrights.lk
News Political

ඉන්දු-ලංකා ගිවිසුම් පාර්ලිමේන්තුවට දාන්න වෙලාවක් තිබුනෙ නෑ..- විජිත

ඉන්දියාව සමග අත්සන් කළේ ආරක්ෂක ගිවිසුමක් නොව ආරක්ෂක සහයෝගීතා ගිවිසුමක් බව අමාත්‍ය විජිත හේරත් පවසයි.

එම ගිවිසුම අත්සන් කළේ සෙනසුරාදා බවත් අනතුරුව පාර්ලිමේන්තුව පැවති අඟහරුවාදා එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට වේලාවක් නොතිබූ බවත් ඔහු පෙන්වා දෙයි.

අවශ්‍ය අයකුට එය තොරතුරු දැනගැනීමේ පනත යටතේ ලබා ගත හැකි බව ද ඇමති විජිත හේරත් ප්‍රකාශ කරයි.

කැබිනට් අනුමැතිය ලබා යථා කාලයේ දී අදාළ ගිවිසුම් රට හමුවේ තබන බව ද ඇමතිවරයා අවධාරණය කරයි.

සිරස නාලිකාවේ වැඩසටහනකට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.

Related posts

වවුනියාවේ ගෙවතු වගා 30,000ක සාර්ථකව අස්වනු නෙලයි.. අතිරික්ත එළවළු වෙළඳ පොලට…

Shiran Viraj

සාමාන්‍ය පෙළ ප්‍රථිපල අපේක්ෂාවෙන් සිටින පිරිසට 'මෙන්න සුබ ආරංචියක්'- හිමිවන වරප්‍රසාදය මෙන්න

Shiran Viraj

ගෝඨාභයගේ පෙත්සම ඔක්තෝම්බර් 24 ට කල්දායි

Shiran Viraj