mediahumanrights.lk
Local News News

වසර 16කට ඊයේ හිරේ ගිය SM අදම ඇප ඉල්ලයි.. නිදොස් කර නිදහස් කරන්නැයි අභියාචනයක්…

ඊයේ දිනයේ මහාධිකරණය විසින් වසර 16 බැගින් සිර දඬුවම් නියම කරන ලද උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සහ ඔහුගේ පුද්ගලික ලේකම් ශාන්ති චන්ද්‍රසේන අදාල තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර ඇත.

එය අභියාචනාධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට කොළඹ මහාධිකරණයට භාර දී තිබේ.

මහාධිකරණ විනිසුරුවරයා අදාල නඩු විභාගයේදී තමන් ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට භාජනය කර නොමැති බවත් ඒ අනුව තමන් අදාළ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙසත් ඔවුන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා ඇත.

Related posts

කොලොන්නාවේ අනවසර ඉදිකිරීම් ඉවත් කරන්න පියවර ගනියි

Shiran Viraj

දොස්තරලා රට හැර යාම තීව‍්‍ර වේ.. රෝහල් පද්ධතිය බිද වැටීම අතේ දුරින්…

Shiran Viraj

මරක අනතුරක් සිදුකර පලා යාම CCTV කැමරාවේ සටහන් වූ හැටි

Shiran Viraj