mediahumanrights.lk
Local NewsNews

විරෝධතාවකට තහනම් නියෝගයක්..

2025.03.04 වන අද දින රැකියා විරහිත ගුරු විභාග සමත් හා මෙතෙක් රැකියා ගතනොකරන ලද උපාධිධාරී සංගමයේ කැඳවුම්කරුවන් හා ක්‍රියාකාරී තැනැත්තන් පිරිසක් විසින් වැලිකඩ පොලිස් වසමේ පොල්දූව මංසන්ධියේදී විරෝධතාවයක් පවත්වා මාර්ග අවහිර කරමින් මහජනතාවගේ ගමනාගමනය අවහිර වන සේ විරෝධතාවයේ නියැලෙන බවට ලද බුද්ධි තොරතුරක් මත ස්ථානාධිපති වැලිකඩ විසින් කොළඹ ගරු ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයෙන් මෙම විරෝධතා පා ගමන වලක්වන ලෙසට කරන ලද ඉල්ලීම් අනුව,

1. ජයර්වධනපුර විශ්ව විද්‍යාලයේ උපාධිලාභී වශයෙන් කටයුතු කරන සුදේශ් රූපසිංහ
2. ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය නියෝජනය කරමින් ධම්මික මුණසිංහ
3. ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය නියෝජනය කරමින් අමන්දා ගමගේ
4. ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය නියෝජනය කරමින් දිනුෂා ඒකනායක
5. ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය නියෝජනය කරමින් පූර්ණිමා නදීෂා සහ වෙනත් තැනැත්තන් වෙත, ගරු අධිකරණය මඟින් පහත ආඥාව නිකුත් කර ඇත.

2025.03.04 වන අද දින වැලිකඩ පොලිස් වසමේ පොල් දුව වටරවුම ආශ්‍රිතව පැවැත්වීමට නියමිත විරෝධතා ව්‍යාපාරයේදී සියළු වග උත්තරකරුවන් හා ඔවුන්ගේ අනුගාමිකයින් විසින් මාර්ග භාවිතා කරන මහජනතාවට හා පදිකයින්ට අවහිර බාධා වන සේ කිසිම මාර්ගයක් හරස් කර විරෝධතා හෝ ප්‍රචණ්ඩ ක්‍රියා නොකිරීමටත් මහජන නියෝජිතයින්ගේ පාර්ලිමේන්තු වරප්‍රසාදයන් උල්ලංඝණය වන අයුරින් හා රාජකාරී යෙදී සිටින රාජ්‍ය නිලධාරීන්ගේ රාජකාරී සඳහා කිසිදු බාධාවක් වන අයුරින් උද්ඝෝෂණ කිරීම තහනම් කර ඇති අතර කිසිදු පුද්ගලයෙකුට අවහිරයක් නොවන අන්දමින් මෙම උද්ඝෝෂණය සිදුකිරීමට සියළු වග උත්තරකරුවන් හා අනුගාමිකයින් වගබලා ගත යුතු බවත් කිසිදු අවස්ථාවක මාර්ගය අවහිර කරමින් පෙළපාලි පැවැත්වීම තහනම් කර ඇත.

එසේ වගකීම් ගැනීමට නොහැකි නම් අදාළ උද්ඝෝෂණය නොපමාව විසුරුවා හැරිය යුතු බවටත් මෙම අණ කඩ කළහොත් සාමය රකිනු වස් ශ්‍රී ලංකා පොලිසිය ඊට වහාම පියවර ගතයුතු බවටත් ඉහත ආඥාවේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

Related posts

එකට රට යන්න එපා – ජනපතිගෙන් ඉල්ලීමක්

Shiran Viraj

මම මගේ විවාහක බිරිද ඇයගේ රහස් පෙම්වතා සමග ඉන්නවා ඇස් දෙකට දැක්කා, ඒක මට අදහා ගන්න බැරි වුණා

Shiran Viraj

අරගලයෙන් පසු සනත්ට තනතුරක්… සංචාරක සන්නාම තානාපති වෙයි…

Shiran Viraj
Translate »