mediahumanrights.lk
Local News News

පොලිසිය දේශබන්දුගේ නිවසට පනී.. ඔහු අතුරුදහන්..

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පදිංචි නිවස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු විසින් සෝදිසියකට ලක් කර තිබේ.

ඒ ඔහු අත්අඩංගුවට ගන්නැයි මාතර මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් කරන ලද නියෝගයක් මතයි.

පොලිසිය විසින් සෝදිසියට ලක් කරන අවස්ථාවේදී ඔහු එම නිවසේ සිට නැති බවද වාර්තා වෙයි.

2023 වසරේ දෙසැම්බර් 31වෙනිදා මාතර වැලිගම ප්‍රදේශයේ හෝටලයකදී සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියකින් පොලිස් නිලධාරියෙකු මිය යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් මෙම නියෝගය අධිකරණයෙන් නිකුත් කර තිබේ.

මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී කියා සිටියේ අධිකරණ නියෝගයක් මත ලොක්කෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය නිවසට ගිය අවස්ථාවේ දී ඔහු සැඟවී ඇති බවය.

නමුත් අද හෙටම ඔහු බාරවනු ඇතැයි තමා විශ්වාස කරන බවද හිතම කියා සිටියේය.

Related posts

ඇඳිරි නීතිය තවත් දීර්ඝ කෙරේ…

Shiran Viraj

අවුරුදු 18දී එයත් එක්ක සම්බන්ධයක් ඇති වෙනවා – එතනින් පස්සෙත් කොල්ලෝ ට්‍රයි කරනවා – රයිනි ගුණතිලක

Shiran Viraj

ජනතාවගේ බලාපොරොත්තුව ගෝඨාභය රාජපක්‍ෂ වගේ කෙනෙක්‌-විමල්ගෙන් වෙනස් කතාවක්..

Shiran Viraj