mediahumanrights.lk
NewsPolitical

NGO කුමන්ත්‍රණ ගැන හොයන්න තේරීම් කාරක සභාවක් ඉල්ලයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් රට තුළ ක්‍රියාත්මක වන ලියාපදිංචි සහ ලියාපදිංචි නොකළ රාජ්‍ය නොවන සංවිධාන (NGO) විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස ඉල්ලා ඇති අතර, ඒවායේ අරමුදල් සහ විනිවිදභාවය පිළිබඳ ගැටළු මතුවී ඇති බව පෙන්වාදෙයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් කරමින් මෙම ඉල්ලීම කළේය.

සමහර රාජ්‍ය නොවන සංවිධාන නිසි ලියාපදිංචියකින් තොරව ක්‍රියාත්මක වන අතර හෙළිනොකළ විදේශ අරමුදල් ලබාගනිමින් සිටින බව චෝදනා ක රයි.

එම ප්‍රකාශයට අනුව, කථානායකවරයාට ලිපියක් යවමින් කමිටුව පත්කිරීම යෝජනා කරමින්, එය පත්කළහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙම කමිටුවට සහාය දක්වන බව සඳහන් කරයි.

මෙම සංවිධාන, යුද්ධයෙන් අනතුරුව නැවත පදිංචි කිරීම සහ දරිද්‍රතාවය පිටුදැකීම යන තේමාවලට මුවාවෙන් ක්‍රියාත්මක වුවද, ඒවායේ මූල්‍ය මූලාශ්‍ර සහ ක්‍රියාකාරකම් අපැහැදිලිව පවතින බව මන්ත්‍රී මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

“ වසර ගණනාවක් පුරා දේශීය ජනමාධ්‍ය වාර්තා මගින් මෙම රාජ්‍ය නොවන සංවිධාන සමහරක් ලියාපදිංචි නොවී ක්‍රියාත්මක වන බව පෙන්වාදී ඇති අතර, ඔවුන්ගේ අරමුදල් පැමිණෙන්නේ කොහෙන්ද යන්න පිළිබඳ කිසිදු ඉඟියක් ලබා දී නැත,” යැයි ඔහු පැවසීය.

ශ්‍රී ලංකාව එවැනි අනතුරු ඇඟවීම් බැරෑරුම් ලෙස ගෙන ජාතික ස්ථාවරත්වය සඳහා පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

“ඇමරිකානු රජය විසින් පැහැදිලිවම සැකයක් මතු කර ඇති විට, ශ්‍රී ලංකාව අනතුරු ඇඟවීම් පිළිබඳව විමර්ශනය කළයුතු අතර රටේ යහපත හා ස්ථාවරත්වය සඳහා පරීක්ෂණයක් පැවැත්විය යුතුය,” ඔහු තවදුරටත් පවසයි.

Related posts

20 ට ආණ්ඩුවෙන් සංශෝධන 4ක්

Shiran Viraj

Corona : තවත් 04ක් හදුනාගනී.. එලූ දැලෙන් මිස පිටින් නොවේ..

Shiran Viraj

කොළඹ-ගම්පහ-කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලට මැයි 4 දක්වා දිගටම ඇඳිරි නීතිය

Shiran Viraj
Translate »