31.1 C
Colombo
2026-09-08
mediahumanrights.lk
Local NewsNews

EPF කළමණාකරණයට ඉන්දියා සමාගමක් එයි.. කැබිනට් අනුමැතිය..

ශ්‍රී ලංකාවේ විශාලතම විශ්‍රාම අරමුදල වන සේවක අර්ථ සාධක අරමුදලේ මුළු සාමාජික ගිණුම් සංඛ්‍යාව මේ වන විට මිලියන 21.5 න් පමණ වන අතර, දායක මුදල් ප්‍රේෂණය කරනු ලබන ක්‍රියාකාරි සේවා යෝජකයින් සංඛ්‍යාව 77,000 ක් පමණ වේ.

2024 ඔක්තෝබර් මාසය අවසන් වන විට අරමුදලේ මුළු වත්කම් ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 4.2 ක් වන අතර, පසුගිය වසර කිහිපය තුළ එහි වත්කම් වල වාර්ෂික වර්ධනය 9%ට වඩා ඉහළ අගයක් වාර්තා කරමින් අඛණ්ඩ වර්ධනයක් ළඟා කර ගෙන ඇත.

සේවක අර්ථ සාධක අරමුදලේ කටයුතු සුමටව පවත්වා ගෙන යාම සඳහා විශාල ගනුදෙනු ප්‍රමාණයක් සැකසිය හැකි පරිශීලක ගිණුම් සහ දත්ත විශාල ප්‍රමාණයක් උපරිම කාර්යක්ෂමතාවකින් පවත්වාගෙන යාමට තරම් ශක්‍යතාවයකින් යුතු තොරතුරු තාක්ෂණ පද්ධතියක අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇත.

ඒ අනුව, නව සේවක අර්ථ සාධක අරමුදල් කළමනා කරණ පද්ධතියක් නිර්මාණය කිරීම සඳහා ලෝක බැංකු සමූහයේ මූල්‍ය අංශ නවීකරණ ව්‍යාපෘතිය යටතේ 2021 වර්ෂයේදී ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති අතර, ඉන්දියාවේ PricewaterhouseCoopers Private Limitedහි උපදේශකත්වය යටතේ නව කළමනා කරණ පද්ධතියේ සැලසුම් සහ අවශ්‍ය පිරිවිතර සකස් කිරීම අවසන් කර ඇත.

එම කරුණු සැලකිල්ලට ගනිමින් යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා පද්ධති සම්බන්ධකයෙක් (System Integrator) තෝරා ගැනීම සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ කිරීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Related posts

ජනපති අද ඉන්දියානු සාගර කලාපීය රාජ්‍ය නායක සමුළුව අමතයි

Shiran Viraj

අපි ඉවසලා රතු කට්ටත් දැන් පැනලා තියෙන්නේ, පෙබරවාරි මාසෙන් පස්සේ කොළඹ කුණූ කොළොන්නාවට ගේන්න ඉඩ දෙන්නේ නෑ…

Shiran Viraj

පළාත් පාලන සංසදයෙන් අනතුරු ඇඟවීමක්

Shiran Viraj
Translate »