mediahumanrights.lk
Local NewsNews

ජලය හිගයි.. විදුලිය ඉන්ධනවලින්.. වියදම පාරිභෝගිකයන්ගෙන්…

වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් මැයි මාසයේ මැද භාගය වන තුරු ඉන්ධන ඇතුළු තාප විදුලි බලාගාරවලින් විදුලිය ජනනනය කිරීම වැඩි කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය තීරණය කර තිබේ. ජල විදුලි නිෂ්පාදනය ඒ අනුව අවම කරන අතර වගා කටයුතු සඳහා ජලය වැඩි වශයෙන් අවශ්‍ය වීම ඊට හේතු වී තිබේ.

තවද ඉන්ධන ඇතුළු තාප විදුලි බලාගාරවලින් විදුලිය ලබා ගැනීමේදී වැය වන මුදල් පාරිභෝගිකයාට ගෙවීමට සිදුවනු ඇතැයි ද මණ්ඩලය අනතුරු අඟවයි.

පෙබරවාරි, මාර්තු යන මාසවල දී වර්ෂාපතනය අඩු බවත්, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සහ මහවැලි අධිකාරියේ අවසරය ඇතිව මේ දිනවල ජල විදුලි නිෂ්පාදනය ඉහළ දමා තිබෙන බවත් නමුත් එය දිගටම සිදු කිරීමට නොහැකි බවත් ලංකා විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් කියා සිටියේය. ස්වාභාවික වායු බලාගාර මෙරට ස්ථාපිත කිරීම වසර 10 කින් ප්‍රමාද බවත් තවමත් ස්වාභාවික වායු බලාගාර ව්‍යාපෘතියක් ආරම්භ කිරීමේ තත්ත්වයක් මෙරට තුළ නොමැති බවත්, ස්වාභාවික වායු බලාගාර ස්ථාපිත කිරීම මගින් තෙල් බලාගාරවල වියදම සියයට 50 කින් අඩුකරගත හැකි බවත් ඔහු කීවේය.

පෞද්ගලික අංශය සතුව මෙරට තුළ කුඩා ජල විදුලි බලාගාර 212 ක් තිබෙන බවත් වහලය මත සවි කරන ලද සූර්ය පැනල මගින් විදුලිය නිපදවන පිරිස 90,000 ක් පමණ වන බවත් ඔහු පැවැසීය. රටේ විදුලිය නිපදවීම ඉහළ නැංවීමේ දී ද්‍රව ඉන්ධන බලාගාරවල අවශ්‍යතාවය පවතින බවද ඔහු කියා සිටියේය.

නොරොච්චෝලේ ගල් අඟුරු විදුලි බලාගාරයට යම් දෙයක් සිදු වුවොත් විදුලි කප්පාදුවක් ඉදිරියේදීත් සිදුවිය හැකි බවත්, මේ නිසා ඉදිරි වසර දෙක තුන තුළ අනිවාර්යයෙන්ම බලාගාර අවශ්‍ය බව බලශක්ති අමාත්‍යාංශ කියයි.

Aruna

Related posts

අවුරුදු 6යේ බෲස්ලි දාන සුපිරිම වැඩ ටිකට හොල්මන් වෙලා යනවා

Shiran Viraj

නව ආණ්ඩුවේ පළමු කැබිනට් රැස්වීමත් අද

Shiran Viraj

විශ්‍රාමික ඉහළ රාජ්‍ය නිලධාරීන්ට වාහන ආනයනයට අවසර දීම පිළිබඳ රජයේ අවධානය

Shiran Viraj
Translate »