30.6 C
Colombo
2026-10-03
mediahumanrights.lk
Local NewsNews

ග්‍රාම සේවක පාර වසා වී වෙළයි.. ගමනාගමන නවතී..

කිළිනොච්චියේ ග්‍රාම නිලධාරීයෙකු සිය බලය අනිසි ලෙස පෙන්වමින් කිළිනොච්චිය – පරන්තන් මාර්ගය පුරා වී ගෝණි ඇතිරීම නිසා එම මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිට තිබුණි.

මේ හේතුව නිසා පාසල් ළමුන්ට හා රජයේ සේවකයන්ට අදාළ ස්ථාන වෙත යාමට නොහැකි වූ බව කිළිනොච්චියේ කණ්ඩාවලෙයි ප්‍රදේශවාසීහු පැවැසූහ. මෙම ග්‍රාම නිලධාරීවරයාගේ කුඹුරෙන් අස්වැන්න නෙලාගෙන වී තොග ගෝනිවල අසුරා නිවස වෙත රැගෙන එමින් තිබියදී වී තොගය ඇළකට පෙරළීම නිස වී ගෝනි තෙත් වී ඇතැයි වාර්තා වෙයි.

තෙත් වූ වී ගෝනි වියලා ගැනීම සඳහා ඔහු එම වී ගෝනි පාර මැදම ගොඩ බා පසෙකට වී බලා සිටීම නිසා මහා මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම ඇණහිට තිබේ.

එම මාර්ගයේ ගමන් ගත් වාහන පැය තුනක් තිස්සේ වෙනත් විකල්ප මාර්ගයකින් ගමන් කොට ඇති අතර එසේ ගමන් කළ වාහන අතර රෝගියකු කිළිනොච්චිය රෝහල වෙත මාරු කරමින් තිබූ ගිලන් රථයක්ද වූ බව කණ්ඩාවලෙයි ජනතාව ප්‍රකාශ කෙළේය.

පැය හතරකට පමණ පසුව මහා මාර්ගයේ ගමන් කළ පොලිස් නිලධාරීන් දෙදෙනකු ග්‍රාම නිලධාරීවරයාට බැණ වැදීමෙන් පසූව ඔහු සිය සේවකයන් ලවා වී ගෝනි පාරෙන් ඉවත් කරගෙන තිබේ.

මෙකී ග්‍රාම නිලධාරීවරයා නිතරම සිය බලය අනිසි ලෙස ප්‍රයෝජනයට ගනිමින් ජනතාවට පීඩාවන ලෙස කටයුතු කරන පුද්ගලයකු බව කිළිනොච්චියේ කණ්ඩාවලෙයි ජනතාව පවසති.

Related posts

මධූෂා රාමසිංහගේ අසැබි වීඩියෝවක් බුකිය කළඹයි – මධූෂා සියල්ල හෙළිකරයි

Shiran Viraj

ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක කමිටු තීරණය

Shiran Viraj

2015 ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණා නම්

Shiran Viraj
Translate »