26.1 C
Colombo
2026-09-16
mediahumanrights.lk
International NewsLocal NewsNews

අදානිට ජනපති අනුරගෙන් දැඩි ප‍්‍රහාරයක්..

ශ්‍රී ලංකාවේ සුළං විදුලි බලාගාර ව්‍යාපෘති අතහැර දමා ඉවත්වීමට ඉන්දීය අදානි සමාගම තීරණය කිරීමෙන් පසු ජනාධිපති අනුර දිසානායක මහතා ඒ සම්බන්ධයෙන් පළමුවරට අදහස් පළ කළේය.

ඒ පාර්ලිමේන්තුවේ දී 2025 වසර සඳහා වන අයවැය යෝජනාවලිය ඉදිරිපත් කරමිනි.

ඔහු එහිදී මෙසේ අදහස් පල කලේය.

ශ්‍රී ලංකාවේ ආර්ථික සංර්වර්ධනය සඳහා බල ශක්ති ක්‍ෂේත්‍රය ඉතා වැදගත් වෙනවා. බල ශක්ති ප්‍රභවයන් විවිධාංගීකරණය කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් පුර්නර්ජනනීය බල ශක්තිය සහ යටිතල පහසුකම් නවීකරණය කිරීම සඳහා වැඩි නැඹුරුවක් දක්වනවා. ගාස්තු තීරණය කිරීමේ දී ලංකාවට උපරිම වාසියක් ලබා දිය හැකි දේශීය හා විදේශීය ආයෝජකයින් දිරිගන්වන අතරම බලශක්ති ක්‍ෂේත්‍රයේ ආයෝජනය කිරීමට රජය අඛණ්ඩව කටයුතු කරනවා. ලංකා විදුලිබල මණ්ඩලයේ අභ්‍යන්තර ප්‍රතිව්‍යුහගතකරණයට පහසුකම් සැලසීම සඳහා නියාමන රාමුවට අවශ්‍ය ප්‍රතිසංස්කරණ වලට ප්‍රමුඛත්වය දෙමින් සංශෝධිත විදුලිබල පනත ඉක්මණින් සම්මත කිරීමට අපේක්ෂා කරනවා.

සුළං බලයෙන් විදුලිය ජනනය කිරීමේ මෙගාවොට් 50ක ව්‍යාපෘතියකට අදාලව විදුලි ඒකකයක් සඳහා ඇමරිකානු ඩොලර් ශත 4.65 ක මිලකට පසුගිය දා ටෙන්ඩරයක් ප්‍රදානය කළා. එවැනි තත්ත්වයක් තිබියදී, ඇමරිකානු ඩොලර් ශත 8.26 ක් වැනි අධික ගාස්තුවකට ව්‍යාපෘති ලබාදීම සාධාරණීකරණය කළ නොහැකියි.

කර්මාන්ත, අපනයනකරුවන් සහ පාරිභෝගිකයින්ට තරඟකාරී පිරිවැයකින් බල ශක්තිය සැපයීම සඳහා අපි අවම ගාස්තුවක් මත පදනම් වූ බල ශක්ති ආයෝජන සඳහා ඉඩ ප්‍රස්ථා ලබා දීමට කටයුතු කරනවා. ආයෝජන ගෙන එනු ලබන සමාගම හෝ රට මත රඳා පවතිමින් කටයුතු කිරීමට කිසිවිටකත් අප බලාපොරොත්තු වන්නේ නැහැ.

මෙට්‍රික් ටොන් 10,000 බැගින් ක්‍රියාකාරී ධාරිතාවයකින් යුත් ටැංකි 99 කින් සමන්විත ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණයේ තෙල් සංස්ථාවට හා ඉන්දියානු ඔයිල් සමාගමට ලබා දී තිබෙන තෙල් ටැංකි හැර තවත් තෙල් ටැංකි 61 ක් තිබෙනවා. මෙම තෙල් ටැංකි පිහිටි ස්ථානය ද සලකන විට, ජාත්‍යන්තර ඉන්ධන වෙළෙඳපොල වෙත ප්‍රවේශ වීම සඳහා අවස්ථාවක් පවතිනවා. ජාත්‍යන්තරව පිළිගත් ආයතන සමග ඒකාබද්ධ ව්‍යාපාරයක් ලෙස එය සංවර්ධනය කිරීමට අප අපේක්ෂා කරනවා.

Related posts

ජනාධිපති එලෙවුවට පස්සෙ සම්පූර්ණ සිස්ටම් චේන්ජ් එක මේ කොලේ ලස්සනට තියෙනවා..- රැට්ටා

Shiran Viraj

මැතිවරණ පනත් සංශෝධනය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්න සූදානම්

Shiran Viraj

සුසන්තිකා දිනූ ඔලිම්පික් පදක්කමට අදට වසර 20 යි

Shiran Viraj
Translate »