mediahumanrights.lk
Local News News

ලසන්ත වික‍්‍රමතුංගගේ බිරිදට ආණ්ඩුවෙන් ඉහල තනතුරක්…

ඝාතනයට ලක් වූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ බිරිඳ වන සොනාලි සමරසිංහ මහත්මිය නිව්යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය දූත මණ්ඩලයේ උපදේශක තනතුර සඳහා රජය විසින් නම් කර ඇති බව සන්ඩේ ටයිම්ස් වාර්තා කරයි.

ඇය එම පත්වීම පිළිගෙන තිබේද යන්න පැහැදිලි නැතත් ඇයට එම තනතුර පිරිනැමීමට තීරණය කර ඇති බව විදේශ අමාත්‍යාංශ ආරංචි මාර්ග තහවුරු කර ඇත.

පසුගිය දෙසැම්බර් මාසයේ සිට බොහෝ තනතුරු පුරප්පාඩු වී ඇති බැවින්, විදේශයන්හි ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානීන් සඳහා පත් කරන ලද අයගේ ලැයිස්තුව අවසන් කිරීමේ ක්‍රියාවලියක රජය නිරත වෙමින් සිටී.

Related posts

හෘද සාක්‍ෂියට එකඟව ජනතාවට සේවය කළා

Shiran Viraj

විකල්ප සියල්ල අසාර්ථකයි.. රිලවුන් සංහාරයකට සාකච්චා..

Shiran Viraj

'ගෝඨා' ගේ අලුත් සංවිධානයේ අරමුණ හෙළිවේ

Shiran Viraj