mediahumanrights.lk
Local NewsNews

ලසන්ත වික‍්‍රමතුංගගේ බිරිදට ආණ්ඩුවෙන් ඉහල තනතුරක්…

ඝාතනයට ලක් වූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ බිරිඳ වන සොනාලි සමරසිංහ මහත්මිය නිව්යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය දූත මණ්ඩලයේ උපදේශක තනතුර සඳහා රජය විසින් නම් කර ඇති බව සන්ඩේ ටයිම්ස් වාර්තා කරයි.

ඇය එම පත්වීම පිළිගෙන තිබේද යන්න පැහැදිලි නැතත් ඇයට එම තනතුර පිරිනැමීමට තීරණය කර ඇති බව විදේශ අමාත්‍යාංශ ආරංචි මාර්ග තහවුරු කර ඇත.

පසුගිය දෙසැම්බර් මාසයේ සිට බොහෝ තනතුරු පුරප්පාඩු වී ඇති බැවින්, විදේශයන්හි ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානීන් සඳහා පත් කරන ලද අයගේ ලැයිස්තුව අවසන් කිරීමේ ක්‍රියාවලියක රජය නිරත වෙමින් සිටී.

Related posts

ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ 05 දෙනෙකු දෙමටගොඩින් හමුවෙයි

Shiran Viraj

නිශාන්ත සිල්වා රටින් පනින බව, මුළු සීඅයිඩීයම කල්තියාම දැනගෙන ඉඳලා

Shiran Viraj

සිසුවෙකුගේ PCR වාර්තාව එන තෙක් යාපනය සරසවියේ කිලිනොච්චි මණ්ඩපය තාවකාලිකව වසයි

Shiran Viraj
Translate »