2026-07-08
mediahumanrights.lk
Local NewsNews

රාජ්‍ය සේවකයන්ට රුපියල් 6000ක වැටුප් වැඩි කිරීමක්..

එළැඹෙන අයවැය මගින් රුපියල් බිලියන 90ක මුදලක් රාජ්‍ය සේවයේ වැටුප් ඉහළ නැංවීම සඳහා වෙන්කිරීමට තීරණය කර ඇති බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජයපාල මහතා පවසයි.

තඹුත්තේගම ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ආනන්ද විජයපාල මහතා මෙසේ ප්‍රකාශ කළේය.

“සමස්තයක් විදියට රාජ්‍ය සේවයේ පරිවර්තනයක් වෙනුවෙන් ජනාධිපතිතුමා අමාත්‍ය මණ්ඩලයට සන්දේශ ඉදිරිපත් කරලා තියෙනවා. රාජ්‍ය සේවය සමස්තයක් විදියට කළමනාකරණය කරන්න අවශ්‍යයි කියලා. ඒ වෙනුවෙන් යම් යම් සංශෝධන ගනිමින් ඉන්නවා.

එළැඹෙන 17 ඉදිරිපත් කරන අයවැය ලේඛනයෙන් රුපියල් බිලියන 90ක අති විශාල මුදලක් වැය කරලා රාජ්‍ය සේවක වැටුප් වැඩිකරන්න තීන්දු කරලා තියෙනවා. 13 ලක්ෂයකට සහන සැලසෙනවා.

අපි අවබෝධ කරගත යුතුයි, විශේෂයෙන් රාජ්‍ය සේවයකයින් අපි මේ ලබාගන්නා ප්‍රතිලාභවලින් මොන තරම් දේවල් මහ ජනයාට ආපහු ලබාදිය යුතුද කියලා”

රාජ්‍ය සේවකයන් මිලියන 1.3ක සදහා බිලියන 90ක මුදලක වාර්ෂික වැටුප් වැඩි කිරීම සදහා වෙන් කරන්නේ නම් එය ආසන්න වශයෙන් එක් අයෙකුට රුපියල් 6000කට ආසන්න මාසික වැටුප් වැඩි කිරීමකි.

Related posts

අමනාප වුනැයි පෙම්වතීගේ නිරුවත් පින්තූර විශාල කර ගේට්ටුවේ අලවයි…

Shiran Viraj

අනුරගේ යාපනයේ සමළුවට TNA නායකයොත් එයි…

Shiran Viraj

අසීරුවට පත් සියළු රටවල් වෙනුවෙන් ලෝක ආධාර ආයතන වෙත ජනපතිගෙන් ඉල්ලීමක්…

Shiran Viraj
Translate »