24.5 C
Colombo
2026-01-13
mediahumanrights.lk
Local NewsNews

රනිල්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරයි…

ජනාධිපතිවරණය ඉකුත් වසරේ ප්‍රකාශයට පත් කළ දින සිට ජනාධිපතිවරණය පැවැත්වූ දිනය තෙක් නීතියට පටහැණි ලෙස විනිවිදභාවයකින් තොරව මත්පැන් අලෙවි බලපත්‍ර නිකුත් කර ඇති බැවින් එම බලපත්‍ර අහෝසි කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු මුදල් ඇමැති හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.

මත්පැන් අලෙවි බලපත්‍ර හිමිකරුවන් දෙදෙනෙකු වන මාතලේ ප්‍රදේශයේ පදිංචි තංගවේලු ධර්මේන්ද්‍ර රාජා සහ බුත්පිටිය ප්‍රදේශයේ පදිංචි ප්‍රසාද් දිනූක ප්‍රියදර්ශන විසින් මේ පෙත්සම් ඉදිරිපත් කර තිබේ.

හිටපු සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි, හිටපු මුදල් ඇමැති රනිල් වික්‍රමසිංහ, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා, අල්ලස් කොමිසමේ සාමාජිකයන්, මැතිවරණ කොමිසමේ සාමාජිකයන්, අමාත්‍යවරුන් වන වසන්ත සමරසිංහ සහ බිමල් රත්නායක, සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු පිරිසක් එහි වගඋත්තරකරුවන් ලෙස නම් කරනු ලැබ සිටිති.

ඉකුත් වසරේ පැවති ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ පසුගිය ජූලි මස 26 වැනිදා සිට ජනාධිපතිවරණය පැවති සැප්තැම්බර් මස 21 වැනිදා අතර කාලසීමාවේ නීතියට පටහැණි වන අන්දමින් විනිවිදභාවයකින් තොරව මත්පැන් අලෙවි බලපත්‍ර නිකුත් කිරීමට පියවර ගෙන තිබූ බව පෙත්සමෙහි සඳහන් වේ.

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ආධාරකරුවන්ට සහ ඊට සහාය පළ කළ මන්ත්‍රීවරුන්ට මේ බලපත්‍ර නිකුත් කර තිබූ බව තමන්ට දැන ගැනීමට ලැබුණු බව පෙත්සම්කරුවෝ කියා සිටිති.

ජනාධිපතිවරණයේදී ව්‍යපාරිකයන්ගෙන් තමන්ට අවශ්‍ය සහාය ලබා ගැනීමේ අපේක්ෂාවෙන් මුදල් ඇමැතිවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා විසින් මේ බලපත්‍ර නිකුත් කිරීමට ක්‍රියාකර ඇති බවට පෙත්සම්කරුවෝ චෝදනා කර සිටිති.

Related posts

ශ‍්‍රී ලංකාවට හැකර් ප‍්‍රහාරයක්.. google.lk ඇතුළු අඩවි ගණනාවකට හැකරුන් පනී…

Shiran Viraj

කොටුව පොලිස් ස්ථානාධිපතිට නොතිසි

Shiran Viraj

වැල්ලම්පිටියේ මහල් නිවාස සංකීර්ණයක ගින්නක්.. රජය අපහසුතාවට පත් කරන්නලු..

Shiran Viraj
Translate »