mediahumanrights.lk
Local NewsNews

මහින්දගේ විජේරාම නිල නිවසේ කොටසක වතුර කපයි…

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වාසය කරන විජේරාම නිල නිවසේ ආරක්ෂකයින් රැඳී සිටින කොටසක ජල සැපයුම විසන්ධි කර ඇත.

ඒ එහි ලක්ෂ තුනක හිඟ බිල්පත් නොගෙවීම හේතුවෙනි.

මහින්ද රාජපක්ෂ මහතා රැඳී සිටින කොටසේ ජල සැපයුම විසන්ධි කර නැත.

මෙම නිල නිවසේ ජල සැපයුමට අදාළ බිල්පත් ගෙවීම් සිදුකරනු ලබන්නේ ජනාධිපති ලේකම් කාර්යාලය විසිනි.

කෙසේ වෙතත් ජල සම්පාදන මණ්ඩලය පවසන්නේ මෙම විසන්ධි කිරීම කර ඇත්තේ හිටපු ජනාධිපති නිල නිවසේ නොවන බවත් ඔහුගේ ආරක්‍ෂකයන් රැදී සිටි අසල පිහිටි ආරක්‍ෂක අමාත්‍යංශයට අයත් ගොඩනැගිල්ලක බවය.

Related posts

මාලිමා මන්ත‍්‍රීගේ පියාට වෙඩි තබයි..

Shiran Viraj

ඉන්ධන මිල වැඩි කිරීමට සිපෙට්කෝ දැනුම් දේ.. මිල ගණන් මෙන්න..

Shiran Viraj

ඊසාන දිග මෝසම් පෙර සූදානම: උතුරු පළාතට සාමාන්‍යයට වඩා වැඩි වැසි; නාය යෑමේ අවදානම ඉහළට

Shiran Viraj
Translate »