mediahumanrights.lk
NewsPolitical

මහින්දගේ නිවසේ කුළිය ලක්ෂ 46යි.. ගෙව්වේ නැත්නම් රජයට පවර ගන්නවා..- ජනපති

පෙර ආණ්ඩු සමයේ මැති ඇමතිවරුන් ආරක්ෂකයන් පිරි වාහන පිරිවරා ගෙන ගිය ද අද කිසිදු ඇමතිවරයෙකු ආරක්ෂකයන් හෝ වාහන පෙළපාළිවලින් ගමන් නොකරන බව ජනාධිපති අනුර දිසානායක මහතා පවසයි.

ජනාධිපතිවරයෙකුගේ ආරක්ෂාවට දහස් ගණනක් ත්‍රිවිද හමුදා පොලිස් නිලධාරීන් සමග වසරකට මිලියන 700ක් වියදම් කර ඇති බව ද ජනාධිපතිවරයා අනාවරණය කරයි.

ඒ සියල්ල ඉවත් කර දැන් ආරක්ෂාවට 60 දෙනෙකු ලබා දී ඇති බවත් තවත් කෙඳිරි ගෑවොත් ඒ 60 ද ඉවත් කරන බවත් ජනාධිපතිවරයා අවධාරණය කරයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිවසේ තක්සේරු කළ මාසික කුළිය ලක්ෂ 46ක් බවත් පනත අනුව ජනාධිපතිවරයාට නිවසක් හෝ වැටුපින් 1/3ක් හිමි බවත් හෙතෙම ප්‍රකාශ කරයි.

“හිටපු ජනාධිපතිට ගෙයක් නැත්නම් වැටුපින් 1/3ක් හිමියි. අපි ගේ ගන්නවා පඩියෙන් 1/3ක් ගෙවනවා. ඒ කියන්නේ 30 000ක්. එහෙම නැත්නම් ඉතිරි සල්ලි ටික දීලා කුළියට ඉන්න පුළුවන්. නැත්නම් එළියට. ලක්ෂ 46ක් මාසේ කුළිය.”

කළුතර කටුකුරුන්ද ප්‍රෙද්ශයේ පැවති ජනහමුවක් අමතමින් ජනාධිපති අනුර දිසානායක මහතා මේ බව කීය.

Related posts

පඬුකරද ගස : ගම්පහ වනජීවී ලොක්කා උසාවි කැදවයි.. කැබිනට් මණ්ඩලය චූදිතයන් වෙන ලකුණු..

Shiran Viraj

වැසි තත්ත්වය තවදුරටත්

Shiran Viraj

“ශ්‍රී ලංකාවට ස්තූතියි”කෝටි 108ක කුඩු එක්ක ඇමරිකානුවන් දෙදෙනෙක් කොටු වේ – ඇමෙරිකාවටත් අවශ්‍ය ජාවාරම්කාරයන්ලූ!

Shiran Viraj
Translate »