28.4 C
Colombo
2026-08-21
mediahumanrights.lk
Local NewsNews

පරීක්‍ෂණ නොකර පිටකල බහාළුම් 373 නීති විරෝධි දෙයක් තිබුණොත් ආණ්ඩුව වගකීම බාර ගන්නවා..- නි. ඇමති

රේගු පරීක්ෂාවකින් තොරව වරායෙන් පිටතට යැවූ බහාළුහ්වල යම් හෝ නීති විරෝධී ද්‍රව්‍යයක් රට තුළට ගෙනවිත් තිබුණහොත් එහි වගකීම රජය බාරගන්නා බව වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය ඇමති ජනිත කොඩිතුවක්කු මහතා පවසයි.

වරාරේ ඇති වී තිබූ තදබදයත් සමග පරීක්ෂාවෙන් තොරව බහාලුම් 373 ක් පිටතට යවා ඇති බවට එල්ල වන චෝදනා පිළිබඳව ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.

“අපේ වරායට දිනකට එන බහාලුම් වලින් 80% ක් පමණ නැවත ප්‍රතිඅපනයනය වෙනවා. ආනයනය වන බහාලුම් දෙදහසක් පමණ දැන් දිනකට ලැබෙමින් පවතිනවා. වරාය වර්තමානයට ගැලපෙන පරිදි සංවර්ධනය කර නොතිබීම එයට ගැටලුවක්. එහි තිබූ තදබදය ඉවත් කිරීම සඳහා ග්‍රීන් චැනල් එක ඔස්සේ පරීක්ෂාවකින් තොරව බහාලුම් 373 ක් පිටතට යවා තිබෙන බව සත්‍යයක්.

එලෙස පරීක්ෂාවකින් තොරව බහාලුම් පිටකිරීම් සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට මේ වනවිට පැමිණිල්ලක් දාලා තියෙනවා. ඒ වගේම අභ්‍යන්තර පරීක්ෂණයක් ද සිදු කෙරෙනවා.

මෙරටට පැමිණි නැව් 27 ක ප්‍රමාණයක් නැවත හැරී ගොස් තිබෙන බව අපිට කිව්වේ නැව් ඒජන්තවරු විසින්මයි. නැව් අපේ සීමාවට ආවට ආයේ හැරලා යන්නත් පුළුවන්. අනෙක් රටට ලඟා වෙන්න තියෙන වෙලාව අනුව අපේ රටේ තියෙන තදබදය නිසාත් නැවක් හැරිලා යන්න පුළුවන් ඒ පිළිබඳව දත්ත තියෙන්නේ නැව් නියෝජිතයන් ගාව පමණයි. ඉතින් අපිට එයාලව විශ්වාස කරන්න වෙනවා.

නැව් වරාය ඇතුලට ඇවිල්ල හැරිලා ගියාද පිටතින් හැරිලා ගියාද කියන ප්‍රශ්නය තමයි තියෙන්නේ. ඇත්තටම අපේ වරාය දැන් කාර්යබහුලයි. ඒකත් රේගුවේ ප්‍රශ්නේ වගේ තමා. 2024 ඉවර වෙන්න තිබුන නැගෙනහිර ජැටිය අපි එනකොට තිබුනේ 2027 ඉවර කරන්නයි. මේ අවුරුද්දේම ඉවර කරගන්න අපි දැන් උත්සාහ කරනවා.”

Related posts

ලොතරැයි මණ්ඩල තමන් යටතට ගත් හේතුව රවී පළමු වරට හෙළි කරයි

Shiran Viraj

අකුරැස්සේ පාසැලක් වසා දමයි..

Shiran Viraj

ගොවි තාත්තා ම‍ගේ පළමු චිත්‍රපටයයි රජරටින් රංගන ක්ෂේත්‍රයට ආ නදීෂා රංගනී

Shiran Viraj
Translate »