mediahumanrights.lk
NewsPolitical

ඩීසල් මිල හැමදාම අඩු කරන්න බෑ.. බද්ද ඉවත් කරන්නත් බෑ..- ජනපති

රුපියල් 300ට වඩා අඩු මිලකට ඩීසල් මිල පැමිණියේ ජාතික ජන බලවේග ආණ්ඩුව පැමිණි පසු බව ජනාධිපති අනුර දිසානායක මහතා සඳහන් කරයි.

නමුත් හැම මාසයේම ඩීසල් මිල අඩු කළ නොහැකි බවද ඔහු පවසයි.

ඩීසල් සඳහා විශාල බද්දක් ඇති බවත් එය ඉවත් කල නොහැකි බවත් තෙල් සංස්ථාව ඇති විශාල ණයක් සඳහා මහා භාණ්ඩාගාරය එම බද්ද අය කර ගනිමින් සිටින බවත් හෙතෙම කියා සිටී.

තෙල් සඳහා වන බදු අය කිරීම නතර කරන්න වෙන්නේ රුපියල් බිලියන 900ක් වන එම විශාල ණය ප්‍රමාණය අවසන් වූ පසු බවත් ඒ මහතා තවදුරටත් කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ අලුත්ගම ප්‍රදේශයේදී පැවති ජාතික ජන බලවේග සුහද  හමුව  අමතමිනි.

Related posts

නාට්‍ය කලාවේ රස්තියාදු ගහලා 'කූඹියෝ' රහ කරපු කළණ

Shiran Viraj

තෙල් ටැංකි එකඟතාව "ශ්‍රී ලංකාවට 10 යි – ඉන්දියාවට 14 යි"

Shiran Viraj

SAITM අර්බුදය සාධාරණ ලෙස විසඳනවා – ජනපති

Shiran Viraj
Translate »