mediahumanrights.lk
BusinessBusiness NewsNews

වී සහතික මිල වෙනුවට රජයෙන් අවම මිලක් පමණයි.. මෝල් හිමියන් කිලෝව 150ට වී මිලට ගනිති..

ඉදිරියේදී වී සඳහා සහතික මිලක් වෙනුවට අවම මිලක් ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර ඇත.

කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසන්නේ අමාත්‍යංශ්‍යයට යටතේ ඇති ආයතන පහක් සම්බන්ධ වී නිෂ්පාදන වියදම සකස් කරන බවයි.

එම නිෂ්පාදන පිරිවැයට පොහොර සහනාධාරය ඇතුළත් නොවන බව ද ඔහු පැවසීය.

ගොවීන්ට ශුද්ධ ලාභයක් ලැබෙන සේ අවම මිලට රජය වී මිලදී ගන්නා බවත් අදාල ප්‍රමිතියට වී සපයන ගෙවීන්ට අමතර රුපියල් දෙක බැගින් ද දෙන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් පැවසීය.

රජය විසින් මිලදී ගන්නා වී අළෙවි නොකරන බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ එම වී සහල් කර සාධාරණ මිලට ජනතාවට අළෙවි කරන බවයි.

මේ අතර මෙවට මහ කන්නයේ අස්වනු නෙලීම මේ වන විට වී ආරම්භ ඇති අතර මෝල් හිමියන් විසින් ඉහල මිල ගණන්වලට වී මිලට ගනිමින් සිටී.

කැකුළු වී කිලෝවක් රුපියල් 150 ආසන්න මිල ගණනකට මිලට ගනිමින් සිටී.

ගොවීන් ඉල්ලා සිටින්නේ වී කිලෝවක් සදහා 140 ආසන්න සහතික මිලකි.

Related posts

චංවාවලට උදවු කරන්නැයි දේශපාලක බලපෑම්.. තිස්සමහාරාම ප‍්‍රාදේශීය ලේකම් ධුරයෙන් අස්වෙයි..

Shiran Viraj

එන පොට හොද නෑ.. ඩෙල්ටා දරුවන් අතර වේගයෙන් පැතිරෙනවා.. රෝහල් නෑ..- රිජ්වේ රෝහලෙන් රටට කියයි..

Shiran Viraj

සියළුම පොලිස් නිලධාරීන්ට දිනපතා ව්‍යායායාම කරන්නැයි නියෝගයක්..

Shiran Viraj
Translate »