2026-07-03
mediahumanrights.lk
Local NewsNews

ගැලරිය පිනවන කතා නුසුදුසුයි.. තඹුත්තේගම නෙවෙයි මොන තුත්තුකුඩියකින් ආවත් ඔබ ජනාධිපති..- දිල්කා සිඩ්නි සිට

ගැලරිය පිනවන කතා ජනාධිපතිවරයෙකුට සුදුසු නොවන බවත් තඹුත්තේගම නොව මොන තූත්තුකුඩියේ සිට පැමිණියත් දැන් ඔබ රටේ ජනාධිපති යයි දෙරණ නාලිකාවේ හිටපු මාධ්‍යවේදනි දිල්කා සමන්මලි මහත්මිය සඳහන් කරයි.

ජනාධිපති අනුර දිසානායක මහතා විසින් අලුත්ගම ප්‍රදේශයේදී පැවති ජන හමුවක් අමතමින් සිදු කරන ලද ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් ඇය මෙම අදහස් පළ කරයි.

දෙරණ නාලිකාවෙන් සමුගෙන ඔස්ටෙ‍්‍රලියාලියාවේ සිඩ්නිහි වෙසෙන ඇය තම සමාජ ජාල ගිණුමේ ඇය මෙම සටහන තබා ඇත.

“ජනාධිපතිතුමනි, ඔබ රටේ බහුතරයක කැමැත්තෙන් ජනවරම ලබා ගත්ත ජනාධිපතිවරයා,හිටපු ජනාධිපතිවරයාගෙ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් නැත්නම් ආරක්ෂකයෝ දෙතුන් දෙනෙක් දුන්නත් ප්‍රශ්නයක් නෑ.එහෙම කරන්න පුළුවන් නං ඒක වඩා හොඳයි.හැබැයි තවමත් ගැලරිය පිනවන ලාභාල කතා ජනාධිපතිවරයෙක්ට සුදුසු නෑ.තඹුත්තේගම නෙවෙයි මොන තුත්තුකුඩියක ඉඳලා ආවත් ඔබ දැන් රටේ ජනාධිපති”

Related posts

ජූනි මාසයට ඉන්ධන ගේන්න මුදල් නෑ.. ඉන්දිය ණයෙන් තවත් නැවු දෙකක් පමණයි…

Shiran Viraj

විමල් ජාතික රෝහලේදීත් උපවාසයේ

Shiran Viraj

නුවරඑළිය ක්‍රීඩාංගණය මැද ලයින් කාමර ඉදිකිරීමට එරෙහිව සිවිල් සංවිධාන අධිකරණ ක්‍රියාමාර්ගයකට

Shiran Viraj
Translate »