2025-12-10
mediahumanrights.lk
Local NewsNews

CEB විශාල විදුලි ට්‍රාන්ස්ෆෝමර (Transformers) සඳහා භූත බලවේගයක්..

ලංකාවේ විදුලි පද්ධතියේ සවි කරන විශාල ප්‍රමාණයේ ට්‍රාන්ස්ෆෝමර (Transformers) මිලදී ගැනීම සඳහා පැහැදිලි ටෙන්ඩර් පටිපාටියක් අනුගමනය කරයි.

කෙසේ නමුත් එයට සවි කරන එක්තරා උපාංගයක් (Tap Changer) සඳහා ජර්මනියේ නිෂ්පාදිත “MR” වර්ගයේ එකක් දැමිය යුතු යැයි විදුලිබල මණ්ඩලයේ අවශ්‍යතා වල සඳහන්ව ඇත.

එනමුත් ජර්මනියේ නිෂ්පාදිත මෙය ඉතා මිල අධිකය. එසේම ලෝකයේ තවත් එයටත් වඩා හොඳින් ක්‍රියා කරන මිලෙන් අඩු මෙම උපාංග ඇති අතර ඒවා මෙම ට්‍රාන්ස්ෆෝමර (Transformers) වල සවි කිරීමට විදුලිබල මණ්ඩලය අවසර දෙන්නේ නැත.

මෙම ඒකාධිකාරය නිසා ට්‍රාන්ස්ෆෝමර (Transformers) වල මිල ඉතා ඉහළ අගයක් ගන්නා අතර ට්‍රාන්ස්ෆෝමර (Transformers) සැපයීමේ ක්‍රියාවලියද බොහෝ දුරට ප්‍රමාද වෙයි.

මෙම තත්වය විදුලිබල මණ්ඩලයේ සමහර නඩත්තු අංශ පිළි නොගන්නා අතර ඔවුනුත් මෙම ඒකාධිකාරයට දැඩි කැමැත්තක් දක්වයි.

මෙම රජයෙන් කෙරීගෙන යන “Clean Sri Lanka” ව්‍යාපෘතියට ද මෙය සම්පූර්ණයෙන්ම පටහැනි වන අතර මෙය රජය අපහසුතාවයකට පත් කරන්නේ දැයි බරපතල සැකයක් පවතී.

Related posts

1950 සිට සියළු ආණ්ඩු අච්චු ගැසූ මුදල් මෙන් 20 ගුණයක් වත්මන් ආණ්ඩුව අච්චු ගහලා..

Shiran Viraj

කඩ කලොත් නීති පියවර ස්ථිරයි "විස්වාසභංගයෙන් රනිල් දිනවන්න ,ගයන්න යැවූ මොකක්ද මේ ඉරි තුනේ නියෝගය?

Shiran Viraj

කොරෝනා මර්දනයේදී චීනය හැර මුළු ලෝකයම අපට යටින්.. දෙවැනි රැල්ලද සාර්ථකව පාලනය කර අවසන්..

Shiran Viraj
Translate »