mediahumanrights.lk
News Political

වැඩවර්ජන, උද්ඝෝෂණ වලින් තොර සෞඛ්‍ය සේවාවක් හදනවා..

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාවේ ක්ෂේත්‍ර රාජකාරී ඉටුකරන සෞඛ්‍ය වෘත්තිකයන්ගේ මෙන්ම සියලු සෞඛ්‍ය වෘත්තිකයින්ගේ උපරිම කැපවීම, උත්සහය මත වර්තමානය වන විට මෙරට සෞඛ්‍ය දර්ශකයන් හි විශිෂ්ට අගයන් පෙන්නුම් කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසී ය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් දැක්වූයේ  සෞඛ්‍ය සේවාවේ සියලු වෘත්තීය සමිති සමග අඛණ්ඩ ව සාකච්ඡා සිදු කරමින් එම වෘත්තිකයින් මුහුණ දෙන වෘත්තීය ගැටලු පිළිබඳව විමසා බැලීමේ සහ සෞඛ්‍ය සේවාවේ ප්‍රගමනය උදෙසා වෘත්තීය සමිති සතු අදහස්, යෝජනා හා දායකත්වය ලබාගැනීම සදහා අමාත්‍යවරයාගේ අදහසකට අනුව ක්‍රියාත්මක වන විශේෂ සාකච්ඡාමය වැඩසටහන් අතරතුරදී ය.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලූම වෘත්තිකයන්, වෘත්තීන් අතර මනා අවබෝධයක් තබා ගනිමින් තම රාජකාරී හා වගකීම් අකුරටම ඉටුකිරීම ප්‍රශංසනීය කරුණක් බව මෙහි දී වැඩිදුරටත් සඳහන් කළ අමාත්‍යවරයා  ඔවුනට බලපාන ගැටලුවලට කඩිනම් විස‍ඳුම් ලබා දීම සහ අන්‍යෝන්‍ය අවබෝධයෙන් යුතුව කටයුතු කිරීම තුළින්   වැඩ වර්ජන, උද්ඝෝෂණ වලින් තොරව සේවය මුලික කර ගනිමින් ක්‍රියා කළහැකි පරිසරයක් නිර්මාණය කරගත හැකි බව පෙන්වා දෙන ලදී. ඒ සඳහා ගත හැකි නීත්‍යානුකූල සහ සාධාරණ සියලු ක්‍රියාමාර්ග ගැනීමට තමා නොපැකිළිව ක්‍රියා කරන බව ද, අමාත්‍යවරයා  මෙහි දී අවධාරණය කළේ ය.

වෘත්තීය සමිති සමග පවත්වන විශේෂ සාකච්ඡා මාලාව යටතේ වෛද්‍ය, හෙද ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රධාන වෘත්තීය සමිති රැසක නියෝජිතයන් සමග පසුගිය දින කිහිපයේ ඉතා දීර්ඝ ලෙස සාකච්ඡා මාලාවක් අමාත්‍යවරයා පවත්වනු ලැබීය.

ඉහත සාකච්ඡා මාලාව තවත් ඉදිරියට ගෙනයමින් සමස්ත ලංකා මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර නිලධාරීන්ගේ සංගමය, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හදිසි වැටලීම් සහ විමර්ශන නිලධාරීන්ගේ සංසදය, සමස්ත ලංකා දුරකථන ක්‍රියාකරුවන්ගේ සංගමය නියෝජනය කරන වෘත්තීය සමිති නියෝජිතයින් සමග ද අමාත්‍යවරයා පසුගිය දා සාකච්ඡා මාලාවක් පවත්වන ලදි.

වෘත්තීය සමිති නියෝජිතයින් මෙහි දී  ඉදිරිපත් කරන ලද බොහොමයක් වෘත්තීය ගැටලු සහ යෝජනාවන් ඉතා සාධාරණ බව පැවසු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා  එම ගැටලු වලට විධිමත්, සාධාරණ විසඳුම් කඩිනමින් ලබාදීමට කටයුතු කරන බව ද පැවසීය.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වු අමාත්‍යවරයා ශ්‍රී ලංකාව තුළ පැවති මැලේරියාව, බරවා, නවජන්ම පිටගැස්ම, පෝලියෝ, මවගෙන් දරුවාට HIV වෛරසය සම්ප්‍රේෂණය වීම වැනි රෝග තත්ත්වයන් මෙරටින් තුරන් කිරීමට සෞඛ්‍ය සේවාවේ තම රාජකාරී කටයුතු නිබදව ඉටුකරන‍ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ අපරිමිත කැපවීම, උත්සහය මත හැකියාව ලැබී තිබෙන බව ද  ප්‍රකාශ කළේය.

එමෙන් ම මේ වන විට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාව සංවර්ධිත රටවල ක්‍රියාත්මක සෞඛ්‍ය සේවාවට සමාන අයුරින් ක්‍රියාත්මක වන බවත් එම තත්ත්වයට මෙරට සෞඛ්‍ය සේවාව පවත්වාගෙන යාමට අවශ්‍ය පසුබිම සකසා දෙන මෙරට සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට තම ප්‍රසාදය පළකර සිටින බව ද අමාත්‍යවරයා  මෙහි දී වැඩිදුරටත් පැවසී ය.

– Media unit

Related posts

රනිල්ට මඩ ගහන්න විශ්වාස භංගයක්

Shiran Viraj

ජනපති අනුර අත්සන් කල මුදල් නෝට්ටු එන දවස ගැන මහ බැංකු අධිපති කියයි..

Shiran Viraj

වසර 12ක්‌ තිස්‌සේ නිදහස්‌ උත්සව සැමරීමට ජර්මනියෙන් එන බ්ල්ක්‌

Shiran Viraj