28.9 C
Colombo
2026-09-11
mediahumanrights.lk
Uncategorized

මන්නාරම ද්විත්ව ඝාතනයට තිදෙනෙකු අත්අඩංගුවට.. ප්‍රධාන සැකකරු හමුදා සෙබලෙක්.. මුදල් කෙන්ත්‍රාත්තුවක්…

මන්නාරම අධිකරණ සංකීර්ණය ඉදිරිපස 16 වැනිදා උදැසන සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කොට තවත් දෙදෙනෙකු තුවාල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව මන්නාරම පොලීසිය පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර වෙඩිතැබීම සිදුකල බවට සැකකෙරෙන ප්‍රධාන සැකකරු නාරාහේන්පිට යුදහමුදා රෝහලේ සේවයේ නිරත වූ යුදහමුදා සෙබලෙකු බවට තෙරතුරු වාර්ථා වී ඇතැයිද පොලීසිය පවසයි.

සැකකරුවන් කොළඹ හා සීදුව ප්‍රදේශයන්ගේ පදිංචිකරුවන් වන අතර, අදල ඝාතනය මුදල් කොන්ත්‍රාත්තුවක් මත සිදුකොට ඇතැයි සැක කරන බවද ආරක්ෂක අංශ පැවසූහ.

සිද්ධිය සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇති අතරම අත්අඩංගුවට ගත් පුද්ලයින් මන්නාරම් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

පසුගිය 16 වැනිදා උදැසන මන්නාරම අධිකරණ සංකීර්ණය ඉදිරිපස සිදු වු වෙඩි තැබීමකින් මන්නාරම,උයිලන්කුලම,නොච්චිකුලම ප්‍රදේශයේ පදිංචි 61 හැවිරිදි සවේරියන් අරුල් නැමති පුද්ගලයෙකු හා 42 හැවිරිදි සෙල්වකුමාර් ජූඩ් නමැති පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තවත් කාන්තාවක් හා පුද්ගලයෙකු තුවාල ලබා තිබිණ.

මන්නාරම උයිලන්කුලම ප්‍රදේශයේ සිදුවු ඝාතන සිදුවීමක් වෙනුවෙන් සැකපිට අධිකරණය වෙත රැගෙන ආ සැකකරුවන් පිරිසකට එලෙස වෙඩි තැබීම සිදුකොට ඇති බවද කලෙක පටන් මන්නාරම උයිලන්කුලම ප්‍රදේශයේ දෙපිරිසක් අතර පවතින ගැටුමක් හේතුවෙන් මේ වන විට පුද්ගලයින් සිව්දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවද මන්නාරම ආරක්ෂක අංශ පැවසීය.

පසුගිය 2022 ජුලි 08 වැනිදා උයිලන්කුලම,නොච්චිකුලම ප්‍රදේශයේදී දෙපිරිසක් අතර වු ගැටුම හේතුවෙන් එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු කපා කොටා ඝාතනය කොට තිබු අතර,ඊට පළි ගැනීමක් වශයෙන්  2023 අගෝස්තු 23 වැනිදා මන්නාරම අඩම්පන් ප්‍රදේශයේදී දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කොට තිබු බවද මන්නාරම ආරක්ෂක අංශ පැවසූහ.

සිද්ධිය සම්බන්ධයෙන් මන්නාරම පොලිසිය ඇතුළු කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ පවත්වයි.

Related posts

ජෝන් කීල්ස්ගේ සිහින නගරය අද විවෘත වේ: බොලිවුඩ් නළු හෘතික් රෝෂන් ද සහභාගී වෙයි

Shiran Viraj

උද්දමනය හොදටම බහී.. යුරෝපා රටවලුත් පන්නයි..

Shiran Viraj

අංගොඩ හන්දියේ මහ ගින්නක්..

Shiran Viraj
Translate »