26.5 C
Colombo
2026-10-10
mediahumanrights.lk
NewsPolitical

මාස තුනකින් රට ස්ථාවර කලා..- නලින්ද

නව රජයට මාස තුනක් ඇතුළත රට ස්ථාවර කිරීමට රජයට හැකි වූ බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

මුදල් අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය නිලධාරීන් සමඟ සාකච්ඡා කර රට ස්ථාවර කිරීමට පැහැදිලි තීරණ ගැනීමට ජනාධිපතිතුමාට හැකි වූ බවත් ඔහු සදහන් කලේය.

මේ වන විට නව ආයෝජන ගෙන ඒම සඳහා සාකච්ඡා ආරම්භ කර ඇති අතර, නවතා දමා තිබූ විදේශ අරමුදල් ව්‍යාපෘති කිහිපයක් යළි ආරම්භ වී ඇති බවත් ඔහු පැවසුවේය.

දේශීය හා ජාත්‍යන්තර ව්‍යවසායකයින් සහ ආයෝජකයින් තුළ රට කෙරෙහි විශ්වාසයක් ගොඩනැගී ඇති බව පැවසූ අමාත්‍යවරයා කොටස් වෙළෙඳපොළ ද පසුගිය කාලයේ දැඩි වර්ධනයක් පෙන්නුම් කළ බවත් පැවසීය.

කළුතරදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

Related posts

ශ‍්‍රී ලංකාව කෑම ගන්න ඉන්දියාවෙන් ණයක්.. ගිවිසුම් අත්සන් කරන්න බැසිල් ඉන්දියාවට…

Shiran Viraj

දැන් බාන ගෑස් නැව විතරයි.. තව එකම නැවක්වත් ඇණැවුම් කරවත් නෑ.. හිස් මුහුද පමණයි..- ලිත්‍රො සභාපති

Shiran Viraj

දිවුරුම් දී වසරයි.. ජනපති අද ජාතිය අමතයි..

Shiran Viraj
Translate »