mediahumanrights.lk
Local News News

නව වසරට කිරිබත් කන්න හාල් බෙදයි..

නව ජනතා පෙරමුණ පක්ෂයේ මහරගම ආසන ප්‍රධාන සංවිධායක දිනේෂ් අබේකෝන් මහතා ප්‍රමුඛ දිනේෂ් අබේකෝන් පදනම මගින් සංවිධානය කල අඩු ආදායම් ලාභීන් සඳහා නොමිලයේ සහල් ලබා දීමේ වැඩසටහනක් අද දින මහරගම නගරයේ දී පැවිත්විණි.

ඒ සඳහා පක්ෂ නායක සූගීෂ්වර බණ්ඩාර මහතා හා මධ්‍යම කාරක සභික නිළධාරීන් පිරිසක් සහභාගි වුහ.

මෙහිදී අදහස් දක්වමින් පක්ෂ නායක සුගීෂ්වර බණ්ඩාර මහතා ප්‍රකාශ කර සිටියේ , එළබෙන 2025 නව වසර සඳහා කිරිබත් පිසගැනීමට දේශිය සුදු කැකුළු හෝ රතු කැකුළු හාල් සොයාගැනීමට නොහැකි තත්වයක් මේ නව පුනරුද ආණ්ඩුව යටතේ රට වාසින්ට සිදු වී තිබෙන බවය. ආනයනික පොන්නි සම්බා,කීරි සම්බා, බාස්මති වැනි සහල් වර්ග වලින් කිරිබත් පිසගැනීමට කිසිසේත් නොහැකිය. එම නිසා අපට සිදු වී තිබෙන්නේ ෆ්‍රයිඩ් රයිස් සාදා ගැනීමටය. මෙය අපේ හෙළ සංස්කෘතියට සිදු කරන ලද දැවැන්ත පහරක් වේ . පෝලිමේ නොසිට  මහරගම වාසි ආදරණීය අම්මලාට හා තාත්තලාට නව වසර වෙනුවෙන් නැවුම් කිරිබත් පිසගැනීමට නොමිලේ සහල් මල්ලක් ලබා දීම පිළිබඳව දිනේෂ් අබේකෝන් මහතාට ස්තුති වන්ත වන බව වැඩි දුරටත් අදහස් දක්වමින් පක්ෂ නායක තුමා කරුණු පැහැදිලි කරන ලදී.

නව ආණ්ඩුව පත්වුයේ  මේ රට තුල වංචාව දුෂණය නවත්වන බව හා බඩු මිල පාලනය කරන බව ජනතාවට පොරොන්දු වෙමින් නව පුනරුද යුගයක් රට තුල ඇති කරන බව සහතික කරමිනි. නමුත් දින 100 ක කාලයක් පසු කරන නව පුනරුද ආණ්ඩුවට ජනතාවට සහන සැලසීමට නොහැකි වී ඇත. හාල් කිලෝවක් රු 280.00 ඉක්මවා තිබෙන බවත් පොල් ගෙඩියක් රු 200.00 ඉක්මවා තිබෙන බවත් ලූණු කිලෝවක් හා අල කිලෝවක් අලෙවි වන්නේ රු 300.00 හා 350.00 ක මිලකට බවත්   සුගීෂ්වර බණ්ඩාර මහතා වැඩි දුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේය. ඒ අනුව සියලුම අත්‍යවශ්‍ය ද්‍රව්‍ය  වල  මිල වැඩි වී ඇති බවත් වැඩිහිටි පිරිසට අවශ්‍ය සමහර ඖෂධ වර්ග සොයා ගත නොහැකි බවත් ඒ මහතා ප්‍රකාශ කර සිටි අතර මේ වනවිට රට දැවැන්ත ආර්ථික අර්බුදයකට තල්ලු වෙමින් පවතින පවත් ප්‍රකාශ කර සිටියේය.

එම නිසා සතොස පෝලිම් වල ආදරණීය අම්මලා තාත්තලා විදින දුක පිළිබඳව තේරුම් ගත් දිනේෂ් අබේකෝන් වැනි තරුණයින් මේ රටට ආදර්ශයක් බව එතුමා ප්‍රකාශ කර සිටියේය. දිනේෂ් අබේකෝන් පදනම යටතේ දිනේෂ් මහතාගේ මිතුරන් සම්බන්ධ කරගනිමින් නොමිලේ ආදරණීය ජනතාවට සහල් බෙදා දීම ආරම්භ කර ඇත. පළමු ආනයනික හාල් තොගය දෙසැම්බර් 16 ලැබෙන බව ප්‍රකාශ කර සිටියත් පසුව  නව ආණ්ඩුවේ වෙළද අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ එම හාල් තොගය දෙසැම්බර් 24 වන විට දිවයිනට ලැබෙන බවය. නමුත් අද වන විට එකදු හාල් ඇටයක් වත් පැමිණ නැති නිසා රටට ප්‍රමාණවත් හාල් නොමැති බව ඒ තුලින් පැහැදිලි වේ. එම නිසා මෙවැනි සත් ක්‍රියාවන් සිදු කරනු ලැබු  දිනේෂ් අබේකොන් මහතා ඇතුළු තරුණ මිතුරු කැලට අපගේ හෘද්‍යාංගම ස්තුතිය පුද කරසිටින බව ඒ මහතා ප්‍රකාශ කර සිටියේය.

නව අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාගේ ආණ්ඩුව ගෙන යනු ලබන්නේ රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිතුමාගේ ආර්ථික වැඩපිලිවෙළම බව අපට පැහැදිලි වේ. මෙම හාල් ආනයනය කිරීම නිවරදි ආකාරයෙන් සිදු කලේ නම් එය කල යුතුව තිබුනේ රාජ්‍ය නීති ගත සංස්ථාව හරහාය . නමුත් පෞද්ගලික වෙළදුන්ට වාසි ලබා දෙමින් ඔවුන් හරහා හාල් ආනයනය කිරීම  මෙම හාල් ගැටළුවට ප්‍රධාන හේතුව බව  සුගීෂ්වර මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේය. එම නිසා අපි නව ජනපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලා සිටින්නේ රටවාසින්ට මිලදී ගත හැකි සාදාරණ මිලට හාල් මිල, පොල් මිල අඩු කර දෙන ලෙසත් ජනතාවට අත්‍යවශ්‍ය ලුණු , බෙහෙත් සුලබ කර දෙන ලෙසත්ය.

මේ ආදරණීය අම්මලා තාත්තලා පෝලිම් වල සිටින විට ප්‍රවීණ ගායන ශිල්පි නන්දා මාලනි මහත්මිය ගායනා කල ගීතයක් මතකයට නැගෙන බව ඒ මහතා අදහස් දක්වමින් තවදුරටත්  ප්‍රකාශ කර සිටියේ මෙලෙසය.

” යනවා නම් අනේ මන් අරන් – යන තැනකට යන්න රත්තරන්
හිගා කකා කොළපතක් අරන් – ලුණුයි බතුයි කමුකෝ රත්තරන්”

මේ වනවිට රත්තරන්ලාට ලුණුයි බතුයි වගේම පොල් සම්බෝලයි බතුයි රටේ අතිසුඛෝපභෝගී ආහාරයක් වී ඇත. එම නිසා නව පුනරුද ආණ්ඩුව යටතේ ලුණුයි බතුයි වගේම පොල් සම්බෝලයි බතුයි අතිසුඛෝපභෝගී ආහාරයක් බවට පත් කිරීම පිළිබඳව ජනාධිපතිතුමන්ට අපි ස්තුති වන්ත වන බව ප්‍රකාශ කර සිටියේය.

හොරු අල්ලනවා යැයි ප්‍රකාශ කල නව ආණ්ඩුව මේ වනවිට ඇල්ලු කිසිදු හොරෙක් නැති මුත් දේශපාලන පලිගැනීම් මත විවිධ චෝදනා ගොනු කරමින් සිටින බව පැහැදිලි වේ. 2020 අගෝස්තු මස විවිධ කාරණා මත ලිපි ගොනු 400 ක් ගෙනවිත් ජනතාව ඉදිරියේ පෙන්වමින් ප්‍රකාශ කර සිටියේ අපේ නව ආණ්ඩුව පැමිණි විගස සිදු කරනුයේ නඩු ගොනු කිරිම බවය. නමුත් දින 100  ඉක්මවා ගිය මේ පුනරුද ආණ්ඩුව ඇල්ලු කිසිදු හොරෙක් නොමැත. නමුත් අනුර කුමාර ජනාධිපතිතුමාට සිදු වී ඇත්තේ හොරු අල්ලනවා වෙනුවට තම ආණ්ඩුවේ සිටින මන්ත්‍රීවරුන්ගේ හා මන්ත්‍රීවරියන්ගේ ජඩ කම් සොයා බැලීමටය.

සුනිල් හදුන්හෙන්ති මැතිතුමන් මෙන්ම වසන්ත සමරසිංහ මැතිතුමන්ලා අතීත වේදිකාවේ ප්‍රකාශ කර සිටියේ එක පෑන් පහරින් හාල්  මාෆියාව නැති කරමින් හාල් තොග එලියට ගන්නා බවය. නමුත් ඒ කතා ඉතිහාසයට එක් වු සුරංගනා කතා බවට පත් වී තිබේ.

තව දුරටත් අදහස් දක්වමින් පක්ෂ නායක සුගීෂ්වර බණ්ඩාර මහතා ප්‍රකාශ කර සිටියේ, නව පුනරුද ආණ්ඩුව විසින් රට රැකපු , පරාජය කිරීමට නොහැකි යැයි ප්‍රකාශ කල දරුණු ත්‍රස්තවාදයෙන් රට බේරාගත් , දැවැන්ත ආර්ථික අර්බුද වලින් රට බේරාගත් නායකයින්ගේ ජීවිත ආරක්ෂාව අදුරට හෙළා ඇති බවය. අද වනවිට පරාජය කිරීමට නොහැකි යැයි ප්‍රකාශ කල දරුණු ත්‍රස්තවාදයෙන් රට බේරාගැනිමට යුධමය නායකත්වය ලබා දුන් ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනපතිතුමන්ගේ  පොලිස් ආරක්ෂාව නිසි ලෙස ලබා දී නොමැත.

එතුමාට ලබා දීමට නියමිත 60 දෙනෙකුගෙන් යුත් පොලිස් ආරක්ෂාව 22 දක්වා අඩු කර ඇත. ඉල්ලීම් කිහිපයක් අදාල ආරක්ෂක නිළධාරියාට යොමු  කලත් ඒ පිළිබඳව මේ වනතෙක් කිසිදු නිසි ප්‍රතිචාරයක් දක්වා නැත. අපි මේ නව ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ

දේශපාලන දඩයම් කිරිම වහාම නවත්වන ලෙසය. ගෝඨාභය රාජපක්ෂ යනු රටට සම්පතකි. යුද්ධය අවසන් කල නායකයා මෙන්ම එකදු ලේ බිදක් නොසලවා රටේ අර්බුද කාරී මොහොතක  බලය හුවමාරු කල එකම නායකයා ඔහුය. එම නිසා  ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට නිසි ආරක්ෂාව ලබා නොදීම නිසා ඔහුගේ ජීවිතයට ඇතිවිය හැකි ජිවිත අවධානම සදහා අනුර කුමාර ජනාධිපතිතුමා  හා හරිනි අමරසූරිය අගමැතිතුමිය ඇතුළු ආණ්ඩුව වගකිව යුතු බව සූගීෂ්වර බණ්ඩාර මහතා වැඩි දුරටත් අවධාරණය කල සිටියේය.

අවසාන වශයෙන් අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කර සිටියේ එළබෙන 2025 නව වර්ෂයේ දී  සාමය සතුට කෙසේ වෙතත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වන හාල් , පොල් ,අල , ලූණු ,ලුණු වැනි දෑ  ජනතාවට දරා ගත හැකි සාදාරණ මිලකට ලබා ගත හැකි බෙහෙත් වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සුලබ කරණ පිංපඩි වැනි දැ නිසි පරිදි ලැබෙන  නව වර්ෂයක්  උදාවේවා යි කියාය.

තවද හොරු අල්ලනවා වෙනුවට ආණ්ඩුවේ සාදාචාරාත්මක බව රැකෙන නව වසරක් රටට උදා කර දෙනමෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගෙන් ඉල්ලා සිටින බව නව ජනතා පෙරමුණ පක්ෂ නායක සුගීෂ්වර බණ්ඩාර මහතා ප්‍රකාශ කර සිටියේය.

– Media unit

Related posts

ලක්ෂ විස්සක් වටිනා යතුරුපැදි සොරාගත් 3ක් දැලේ

Shiran Viraj

මනූෂට විරුද්දව SLT නඩු පවරයි.. බිලියනයක් වන්දි ඉල්ලයි..

Shiran Viraj

තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට ඉහළ උනන්දුවක්…

Shiran Viraj