mediahumanrights.lk
NewsPolitical

සහල් පිළිබඳ නිවැරැදි තොරතුරු නෑ..- ඇමති වසන්ත

රට තුළ පවතින සහල් තොග පිළිබඳව නිවැරැදි තොරතුරු නොමැති බව වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා අමාත්‍ය සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය.

එය විශාල ගැටලුවක් වී තිබේ.

ලේඛන වල සහල් අතිරික්තයක් පැවතුනද වෙළඳ පොළේ සහල් හිඟයක් පවතියි.

ඒ හේතුවෙන් සහල් තොග පිළිබඳ තොරතුරු රැස්කිරීමට විධිමත් වැඩපිළිවෙළක් කඩිනමින් ආරම්භ කරන බව පැවසීය.

සහල් මිල ඉහළ දැමීම සඳහා කූඨ ලෙස ඇතැම් මෝල් හිමියන් සහල් තොග සඟවා සිටින බවට රජය සතුව තොරතුරු තිබේ.

මෙම තත්වයන් වාර්ෂිකව සිදුවෙයි.

මේ අතර ඉදිරියේදී මහ පරිමාණ සහල් මෝල් හිමියන්ට ණය ලබාදීමේදී දැඩි කොන්දේසි පනවන බව පැවසීය.

ජනතාවට හිඟයකින් තොරව සහල් ලබාදීමට ඉදිරියේදී කටයුතු කරන බව පැවසීය.

වෙළඳ පොළේ පවතින නාඩු සහල් හිඟයට කෙටිකාලීන විසඳුමක් ලෙස නාඩු සහල් කිලෝ මෙට්ට්‍ර්ක්ටොන් 70000ක් කඩිනමින් ආනයනය කිරීමට කටයුතු කරයි.

එම සහල් තොග දෙසැම්බර් 15 වැනිදා වනවිට වෙළඳ පොළට නිකුත් කිරීමට නියමිතයි.

Related posts

අද සවස් කාලයේ පළාත් කිහිපයකට වැසි

Shiran Viraj

රෝහල්ගතකල විරෝධතාකරුවෙක් මිය යයි… ඔහු කුඩුකාරයෙක් යයි පොලිසිය කියයි..

Shiran Viraj

පොහොට්ටුව ලොකු පිබිදීමක.. තුන් ගුණයකින් වැඩිවෙයි…

Shiran Viraj
Translate »