mediahumanrights.lk
Local News News

මහා වස්තුවක් ඇතැයි කියන නිධානයේ ගල් තලාවක් හමුවේ.. පුපුරුවා හැරීමට සූදානම් කෙරේ..

ඉදිවෙමින් ඇති මධ්‍යම අධිවේගී මාර්ගය ආසන්නව වේයන්ගොඩ – වඳුරව ප්‍රදේශයේ නිධානයක් ඇතැයි කියන ස්ථානයක මේ වන විට අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණය ලබාදුන් අධිකරණ නියෝගයක් මත කැණීම් සිදු කෙරෙයි.

අවස්ථා කිහිපයකදීම මෙම ස්ථානය නිදන් හොරුන් විසින් හාරා ඇති අතර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින්ද මීට පෙර සිදුකළ පරීක්ෂණ කටයුතුවලදී නිධානයක් නැතැයි තොරතුරු හෙළිකර ඇත.

කෙසේ වෙතත්ල නවතම කැණීම්වලදී අනාවරණය වී ඇත්තේ කිසියම් දෙයක් පොළොව අභ්‍යන්තරයේ ඇති බවයි.

ඒ අනුව අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු පොලිසිය හා රාජ්‍ය ආයතන කිහිපයක් මැදිහත් වී මෙම කැණීම් කටයුතු ආරම්භ කර ඇත.

අඩි 20 ක ගැඹුරකට මේ වන විට කැණීම් සිදුකර ඇති අති අතර විශාල විශ්කම්භයකින් යුත් ගලක් මතුව ඇත.

ඒ අනුව එම ගල් තලාව පුපුරුවා හැරීම සදහා කටයුතු කරමින් සිටියි.

Related posts

එලවළු වෙලදාමට විශාල පිරිවැයක්.. වෙලදාම බින්දුවට බහී..

Shiran Viraj

ලංකාවේ අත්‍යවශ්‍ය බඩු මොනවත් නෑ…

Shiran Viraj

05 ශිෂ්‍යත්ව ප‍්‍රතිඵල මෙන්න…

Shiran Viraj