mediahumanrights.lk
NewsPolitical

ජනාධිපති ජනතාවට සහන දෙන්න ඇවිත් යළි පෝලිම් යුගයක් ඇති කරලා..

වත්මන් ජනාධිපතිවරයා ජනතාවට දුන් පොරොන්දු කඩ කළත් තමා ජනතාවට දුන් පොරොන්දු කඩකර නැතැයි සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එළැඹෙන මහ මැතිවරණයේ දී පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබා සමගි ජන බලවේග රජයක් පිහිටුවා ජනතාව මුහුණ දෙන ප්‍රශ්න වලට අනිවාර්යයෙන් විසඳුම් ලබාදීමට කැපවන බවද ඔහු සඳහන් කළේය.

වත්මන් ජනාධිපතිවරයාට වේදිකාවක් වේදිකාවක් පාසා ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමට නොහැකි වුවත් සමගි ජන බලවේගය පොරොන්දු කඩ නොකරන පක්ෂයක් බව ද හෙතෙම කොලොන්නාවේ පැවැති ජන හමුවක දී පැවසීය.

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා බලය ලැබුණම බදු බර, තෙල් මිල, විදුලි බිල අඩු කර රාජ්‍ය සේවයේ වැටුප් දීමනා වැඩි කරනවා කිව්වත් අද ඒ කිසිවක් ඉටු නොවු බවත් ඔහු සඳහන් කළේය.

ජනතාවට සහන දෙනවා වෙනුවට යළිත් පෝලිම් යුගයක් බිහි වී ඇති බවත් අද වන විට පාස්පෝට් පෝලිම හෝ අඩු වී නොමැති බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ජනාධිපතිවරයා ඉන්ධන මිල සුත්‍රයේ වහලකු වී සුපිරි ධනපති පැළැන්තිය භාවිත කරන වාහනවල පමණක් තෙල් මිල අඩු කර ඇති බවත් සාමාන්‍ය ජනතාවට කිසිදු වාසියක් නොමැති බවත් ඔහු සඳහන් කළේය.

පොඩි මිනිසා වෙනුවෙන් පෙනී සිටිනවා කියන ජනාධිපතිවරයා අද ධනපති පන්තිය වෙනුවෙන් පෙනී සිටින බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ජනාධිපතිවරයා පවා මේ කරන්නේ රැවටිල්ලක් බවත් කියූ කිසි දෙයක් ඉටු නොකර ඇති ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කළ සාකච්ඡා පවා අසාර්ථක බවත් ඔහු සඳහන් කළේය.

හිටපු ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය රටත් ජනතාවත් අමාරුවේ දමා ගෙදර ගිය නිසා රටටත් ජනතාවටත් වාසිදායක ගිවිසුමක් ගෙන එන්න නම් සමගි ජන බලවේගය බලයට ආයුතු බවත් සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.

– නිමල කොඩිතුවක්කු

Related posts

ජනාධිපතිවරණය පවත්වනවා.. මුදල් වෙන් කර අවසන්..- මැතිවරණ කොමිසම දන්වයි

Shiran Viraj

විජේදාස ආණ්ඩුව පතුරු ගහයි.. රටම විකුණද්දී මහින්දගේ හද කම්පාවෙන්දැයි අසයි..

Shiran Viraj

‘මේ වියත්මගද.. කියත්මගද.. මං අස්වෙනවා..’- ගීතා

Shiran Viraj
Translate »