28.4 C
Colombo
2026-09-10
mediahumanrights.lk
NewsPolitical

‘ආර්ථිකය විතරක් හදලා වැඩක් නෑ..’ – ඇමති සුනිල් සෙනෙවි..

ජනතාවගේ සංස්කෘතික ජීවිතය උදාර සංස්කෘතික ජීවිතයක් දක්වා ඔසවා තැබීමට තම රජයට හැකි වෙනු ඇති බවට විශ්වාසයක් පවතින බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය මහාචාර්ය හිනිදුම සුනිල් සෙනවි මහතා පවසයි.

අමාත්‍ය ධුරයෙහි වැඩ භාරගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙසේ පැවසීය.

“බිඳ වැටුණු ආර්ථිකය, භෞතික ජීවිතය තරමක් ඉක්මනින් හෝ පසුවී අපේ රජයට ගොඩගන්න වර්ධනය කරන්න ස්ථාවර කරන්න පුළුවන් වේවි. අපේ මුළු මහත්  ශ්‍රී ලංකාවේ සිංහල, දෙමළ, මුස්ලිම් ආදී සියලුම ප්‍රජාවගේ ජීවිතය සංස්කෘතික වශයෙන් බෙහෙවින් අගාධයකට ඇද වැටිලා තිබෙනවා, ඇද දමලා තිබෙනවා. ඇද වැටෙන හැටි බලන් ඉඳලා තිබෙනවා.

ඒ නිසා මං හිතන්නෙ මට ලොකුම බලාපොරොත්තුවක්, ලොකුම විශ්වාසයක් තිබෙනවා මුළු මහත් ශ්‍රී ලාංකික ප්‍රජාවගේම සංස්කෘතික ජීවිතය උදාර සංස්කෘතික ජීවිතයක් දක්වා ඔසවා තබන්න අපට හැකිවේවි කියලා. මේ ආර්ථිකය විතරක් ගොඩනඟාගෙන ඵලක් නෑ කියන එක තමයි මගේ වැටහීම. ඉතින් මේ මහත් කාර්යයට විශාල සහයෝගයක් වුවමනා වෙනවා.”

Related posts

නවතා තිබූ රියේ තවත් රියක් ගැටී මාධ්‍යවේදියාත් දෙහැවිරිදි පුතාත් රෝහලේ

Shiran Viraj

උසස් අධ්‍යාපනය ලබන සිසුවියට අතවර කරන්න අමුතු විදියට පැමිණි උපාධිධාරී ගුරුවරයා

Shiran Viraj

කොරෝනා නිසා හැමදේම නතර කලොත් ජනතාවට මීට වඩා දුෂ්කරතා මතුවෙනවා..- අගමැති

Shiran Viraj
Translate »