mediahumanrights.lk
NewsPolitical

මං ජනාධිපති වුනාම වැටුප් වැඩි කරන්නේ ජූනි සිට.. මාස හයෙන් හයට වැඩි කරනවා…

විසි එක්වෙනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් තමන් මෙරට ජනාධිපතිවරයා බවට පත් වූ පසු රාජ්‍ය සේවකයන්ට සඳහා වැටුප් වැඩි කිරීමක් සිදු කළ හැක්කේ 2025 වසරේ ජුනි මාසයේ පටන් බව ජාතික ජන බලවේගය නායක අනුර දිසානායක මහතා සඳහන් කරයි.

රනිල් වික්‍රමසිංහ මහතා ජනවාරි මාසයේ සිටම වැටුප් වැඩි කරන බව පැවසුවද එය කළ නොහැකි දෙයක් බවත් වික්‍රමසිංහ මහතා නැවත ජනාධිපතිවරයා බවට පත් නොවන බව දන්නා නිසා එවන් ප‍්‍රකාශ කරන බවත් හෙතෙම පැවසීය.

ජාතික ජන බලවේග රජයක් යටතේ වැටුප් ඉහළ නංවන්නේ ජීවන වියදමට අනුරූපීව බවත් එය මාස හයෙන් හයට ඉහළ නැංවීම සිදු කරන බවද හෙතෙම කියා සිටියේය.

රූපවාහිනී නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් හෙතෙම මෙම අදහස් පළ කරන ලදී.

Related posts

අමෙරිකාවේ Covid 19 මරණ සංඛ්‍යාව 1000 ඉක්මවයි

Shiran Viraj

Corona : අවසන් පැය 24දී 106ක් හදුනාගනී.. කන්දකාඩුවෙන් 473ක්..

Shiran Viraj

ඇදිරි නීතිය කැඩු හතරකට පොලිසිය වෙඩි තබයි.. තිදෙනෙක් රෝහලේ..

Shiran Viraj
Translate »