2026-08-19
mediahumanrights.lk
NewsPolitical

මං ජනාධිපති වුනාම වැටුප් වැඩි කරන්නේ ජූනි සිට.. මාස හයෙන් හයට වැඩි කරනවා…

විසි එක්වෙනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් තමන් මෙරට ජනාධිපතිවරයා බවට පත් වූ පසු රාජ්‍ය සේවකයන්ට සඳහා වැටුප් වැඩි කිරීමක් සිදු කළ හැක්කේ 2025 වසරේ ජුනි මාසයේ පටන් බව ජාතික ජන බලවේගය නායක අනුර දිසානායක මහතා සඳහන් කරයි.

රනිල් වික්‍රමසිංහ මහතා ජනවාරි මාසයේ සිටම වැටුප් වැඩි කරන බව පැවසුවද එය කළ නොහැකි දෙයක් බවත් වික්‍රමසිංහ මහතා නැවත ජනාධිපතිවරයා බවට පත් නොවන බව දන්නා නිසා එවන් ප‍්‍රකාශ කරන බවත් හෙතෙම පැවසීය.

ජාතික ජන බලවේග රජයක් යටතේ වැටුප් ඉහළ නංවන්නේ ජීවන වියදමට අනුරූපීව බවත් එය මාස හයෙන් හයට ඉහළ නැංවීම සිදු කරන බවද හෙතෙම කියා සිටියේය.

රූපවාහිනී නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් හෙතෙම මෙම අදහස් පළ කරන ලදී.

Related posts

21 සහ 22 යන දිනවල ශ්‍රී ලංකාවට උල්කාපාත වර්ෂාව පැහැදිලිව දිස්වෙයි

Shiran Viraj

තමිල්නාඩු සිට කොළඹට සෘජු දුම්රිය මාර්ගය ඇරඹුවා..- India Today

Shiran Viraj

මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 63ක්

Shiran Viraj
Translate »