mediahumanrights.lk
NewsPolitical

අනුර දිසානායකට සහාය දෙන්න මන්ත‍්‍රීවරයෙක් ස්වාධීන වෙයි..

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපෙක්ෂක අනුර කුමාර දිසානායක මහතාට සහය දැක්විම සදහා කිසිදු කොන්දේසියක් නොමැතිව හැටන් දික්ඔය නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රි එස්.කේසවමුර්ති මහතා ඇතුළු පිරිසක් (08) දින ජාතික ජන බලවේගය සමග එක්විය.

සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ උප ලේකම් කලෙයිචෙල්වි මෙනවිය සමග මෙම පිරිස (06) දින හැටන් නගරයේ පිහිටි පෞද්ගලික උත්සව ශාලාවකදි එක් වු අතර, එහිදි මාධ්‍ය හමුවක්ද පැවැත්විණ.

ජාතික ජන බලවේගය සමග එක් වුයේ හැටන් දික්ඔය නගර සභාවට ස්වාධින වශයෙන් තරග කල එස්.බාලසුන්දරම්, එස්.සභාරත්නම්, එම්.එස්.එම්.මස්ශාපා, එස්.කේදිශ්වරන් සහ ආර්.නල්ලුසාමි යන අයයි.

මෙම මාධ්‍ය හමුවේදි  අදහස් දැක් වු හැටන් දික්ඔය නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රි එස්.කේසවමුර්ති මහතා කියා සිටියේ මේ රට නිදහස ලැබු දින සිට විවිධ දේශපාලන පක්ෂවල අය මේ රට පාලනය කලද ඉන් කිසිදු ඵලයක් සිදු වි නොමැති බවයි.

මෙවර රටේ ජනතාව සැබැ වෙනසක් අපෙක්ෂාවෙන් සිටින බවත්, එම අපෙක්ෂාව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපෙක්ෂක අනුර කුමාර දිසානායක මහතා බවයි එස්.කේසවමුර්ති මහතා කියා සිටියේ.

මේ රටේ නව වන විධායක ජනාධිපතිවරයා වශයෙන් අනුර කුමාර දිසානායක මහතා නියත වශයෙන් තේරිපත් වන බවත්, ඒ අනුව ඔහු සමග එක් වි වතුකරයේ ජනතාවගේ ආර්ථික තත්ත්වය ඉහල දැමිම, යටිතල පහසුකම් නංවාලිමට සහ ඔවුන්ගේ මෙතෙක් නොවිසිදුණු ගැටළු වලට විසදුම් ලබාදිමට හැකි බවයි එස්.කේසවමුර්ති මහතා වැඩිදුරටත් කියා සිටියේ.

– Reporter

Related posts

ආත්‍රයිටිස්‌ රෝගයට දින දොළහේ කසාය

Shiran Viraj

සහල් ආනයනය නොකෙරේ – හිඟයක් ඇතිවීම වැලැක්වීමට වැඩපිළිවෙලක්

Shiran Viraj

හරීන්-මනුෂගේ නඩුව වේගයෙන් කැදවයි.. නෂීර් අහමඩ් තීන්දුව බලා සිටී..

Shiran Viraj
Translate »