mediahumanrights.lk
Local NewsNews

රෝ ලොක්කා ඇවිත් යයි.. ජනාධිපතිවරණය උඩුයටිකුරු වෙයි.. ප‍්‍රබලම වෙස් මාරුව සූදානම්..

ජනාධිපතිවරණ ඡන්ද විමසීමට සති තුනක් පමණක් ඉතිරිවී තිබියදී ප්‍රබල දේශපාලන වෙනස්කමක් සිදුවීමට අභ්‍යන්තර සාකච්ඡා ඇරඹී ඇති බව වාර්තා වෙයි.

ඉන්දීය බුද්ධි අංශ ප්‍රධානියාගේ හදිසි ශ්‍රී ලංකා සංචාරයෙන් පසු මෙම සාකච්ඡා ක්‍රියාත්මක කෙරෙමින් ඇත.

ඒ අනුව විපක්ෂය නියෝජනය කරන ප්‍රබලයෙකුට ඉහළම තනතුරක් සඳහා යෝජනා වී ඇති අතර ඒ ඔස්සේ සාකච්ඡා ඉදිරියට යමින් ඇතැයි ද දැනගන්නට ඇත.

එය එසේ සිදු නොවන්නේ නම් විපක්ෂයේ තවත් ප්‍රබලයකු ඒ සඳහා එකඟ කරවා ගැනීමේ මෙහෙයුමක්ද ක්‍රියාත්මක වෙමින් ඇතැයිද සඳහන්ය.

ඊට අමතරව ඉන්දීය බුද්ධි ප්‍රධානියාගේ සංචාරයෙන් පසු උතුරේ දේශපාලන පක්ෂ ජනාධිපතිවරණයට අදාළ සිය දේශපාලන ස්ථාවරයන් වෙනස් කිරීමේ සූදානමක සිටිතැයි ද දැනගන්නට තිබේ.

බොහෝ දුරට ජනාධිපතිවරණය ආසන්න වෙද්දී මෙම ප්‍රබල දේශපාලන වෙනස සිදුවනු ඇති බවද දැනට ලැබෙන තොරතුරු කියා සිටී.

Related posts

අලියගෙන් ඉල්ලුව කියල අමුතු ඡන්දයක් ලැබුන්නෑ.. මං කී විදිහට කලානං මෙහෙම වෙන්නෑ..- රනිල්

Shiran Viraj

සතොසත් සහල් අලෙවියට සීමා පනවයි…

Shiran Viraj

උපුල් තරංග තමාට සිදුවූ කැපිලි ගැන ක්‍රික් ඉන්ෆොට හෙළි කරයි

Shiran Viraj
Translate »