mediahumanrights.lk
Local News News

තැපැල් ඡන්දය නොදුන් අයට තවත් අවස්ථාවක්…

පසුගිය දිනවල තැපැල් ජන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූ රාජ්‍ය සේවකයන්ට ලබන 11 සහ 12 දෙදින තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදී ඇතිබව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.

මෙවර ජනාධිපතිවරණයේදී රාජ්‍ය නිලධාරීන් හත්ලක්ෂ දොලොස් දහස් තුන්සිය දහනමයක් තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටියහ.

පසුගිය 04,05 සහ 06 දිනයේ විශාල පිරිසක් ඡන්දය ප්‍රකාශකර තිබේ.

එලෙස ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූ රාජ්‍ය නිලධාරීන්ට 11 සහ 12 දෙදින රාජකාරි කාර්යාලය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත ගොස් ඡන්දය ප්‍රකාශ කල හැකි බව වැඩිදුරටත් පැවසීය.

– Reporter

Related posts

පොහොර නෑ.. සාගතයක් එනවා.. බඩගින්නෙ මැරෙන්නැයි වෙන්නේ…

Shiran Viraj

අමාත්‍යාංශ 38 ක්‌ අසාර්ථකයි

Shiran Viraj

ආයුර්වේද රෝහල කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කරයි

Shiran Viraj