mediahumanrights.lk
NewsPolitical

ජනාධිපතිවරණයේදී මනාප දෙනවා නම් කතිරය බෑ..- මැ.කො.

ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමේදී මනාප සලකුණු කිරීම අනීවාර්‍ය නොවන බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.

ඡන්දය සලකුණු කිරීමට අපේක්ෂා කරන අපේක්ෂකයාගේ නමට ඉදිරියෙන් ඇති හිස් අවකාශය තුළ කතිර ලකුණ සලකුණු කිරීමෙන් සිය ඡන්දය ප්‍රකාශ කල හැකිය.

එහිදී මනාප සලකුණු කිරීමට නොහැකිය.

ජනාධිපතිවරණයේදී අපේක්ෂකයන් තිදෙනෙකුට තම කැමැත්ත පරිදි 01,02 හා 03 ලෙස මනාප ලකුණු කල හැකිය.

මනාප සලකුණු කරන්නේනම් කතිර ලකුණ සලකුණු කල නොහැකිය.

එසේ සලකුණු කලහොත් එම ඡන්දය අවලංගු වන බව වැඩිදුරටත් පැවසීය.

– Reporter

Related posts

Covid – 19 එන්නත් ජාවාරමේ පෙරමුණ ගැනීමට ලොව බළවතුන් පොරකයි.

Shiran Viraj

නායකයා තරගය දිනවයි.. ලෝක ශූරයන් පරදවයි..

Shiran Viraj

මහින්දානන්ද ඇප මත මුදාහරී

Shiran Viraj
Translate »