mediahumanrights.lk
Uncategorized

මැලේසියාවේදි බොයිලේරුවක් ඇගට වැටි ලාංකිකයෙකු මියයයි..

මැලේසියාවේ අවසන්හලක සේවය කරමින් සිටියදි බොයිලේරුවක් ඇග මතට වැටි ජිවිතක්ෂයට පත් මස්කෙලිය බ්‍රවුන්ස්වික් වතුයායේ මොන්ටිහැම් කොටසේ පදිංචිව සිටි රාජ්කුමාර් ඩෙවිඩ්සන් නැමති (24) හැවිරිදි තරුණයාගේ අවසන් කටයුතු එම වතුයායේදි සිදු කෙරිණ.

මියගිය තරුණයා සංචාරක විසා මත මැලේසියාවට ගොස් අවන්හලක සේවය කරමින් සිටියදි ඉකුත් මස (25) දින ලිස්සා වැටිමට ගිය අවස්තාවේ උණු වතුර සහිත බොයිලේරුවක අතගැටි ඔහුගේ ඇග මතට උණු වතුර වැටිමෙන් බරපතල ලෙස තුවාල ලබා සිටි තරුණයා මැලේසියාවේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදි ඉකුත් (05) දින ජිවිතක්ෂයට පත් වි ඇති බවයි පවුලේ ඥාතින් කියා සිටින්නේ.

ඥාතින්ගේ ඉල්ලිමක් මත මියගිය තරුණයාගේ සිරුර මැලේසියාවේ සිට දිවයිනට එවිමෙන් පසු සිරුර (11) දින පස්වරුවේ ඔහු පදිංචිව සිටි නිවසට රැගෙන ඒමෙන් අනතුරුව (12) දින පස්වරුවේ හින්දු චාරිත්‍රානුකුලව මියගිය තරුණයාගේ අවසන් කටයුතු සිදු කෙරිණ.

– රංජිත් රාජපක්ෂ

Related posts

ඉතිරි සිලින්ඩරයෙන් කංචන පාර්ලිමේන්තුවට..

Shiran Viraj

හූති කැරලිකරුවන් ඉන්ධන නෞකාවක් පුපුරුවයි.. ලෝකයේ ඉන්ධන හා භාණ්ඩ මිල ඉහලට..

Shiran Viraj

හිසට ඉහළින් කඩු තුඩක්.. සජිත්ට හතර වටෙන් ප‍්‍රහාර..

Shiran Viraj