2026-01-12
mediahumanrights.lk
NewsPolitical

ජනාධිපතිවරණය ගැසට් කරන්න සූදානම්…

ජනාධිපතිවරණය පැවැත්වීමට අදාල ගැසට් නිවේදනය ඉදිරි ජූලි මාසයේ නිකුත් කිරීමට සූදානම් කරමින් ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

ජනාධිපතිවරණයට අදාළ ගැසට් පත්‍රය නිකුත් කිරීමෙන් පසු කිසිදු සංවර්ධන කටයුත්තක් කළ නොහැකි බවත් මැතිවරණය අවසන් වන තෙක් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ඉඩ නොලැබෙන බවත් ඔහු පෙන්වා දෙයි.

ඒ අනුව තම අමාත්‍යංශයට යටතේ මෙම වසර සඳහා සැලසුම් කරන ලද සංවර්ධන වැඩසටහන් කඩිනම් කළ යුතු බවද ඔහු කියා සිටියේය.

මේ අතර මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනතා සමන් රත්නායක මහතා සඳහන් කරන්නේ ව්‍යවස්ථානුකූලව නිසි කාලසීමාව තුළ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට සූදානම් බවයි.

ඊට අවශ්‍ය කටයුතු මේ වන විට සූදානම් කරමින් ඇතැයිද හෙතෙම කියා සිටියේය.

Related posts

මරුවා අතින් ගෙන මගී බෝට්ටු ගමනේ…

Shiran Viraj

බෞද්ධයන්ට නායකත්වය දෙන්න..ඒකීය රට රකින්න- ඥාණසාර හිමි බලන්න වැලිකඩ ගොස් ඇමති රවී ඉල්ලයි

Shiran Viraj

මම ඒ ගැන කතා කරන්න කැමති නෑ මිනිස්‌සු ඇත්ත දන්නවා කටකතා ගැන අනුඡ් කියන කතාව

Shiran Viraj
Translate »