mediahumanrights.lk
News Political

ජනාධිපතිවරණයට සල්ලි වෙන් කරලා තියෙන්නේ..

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හා ජනාධිපතිවරණ පනතේ දක්වා ඇති නිශ්චිත කාලවකවානු අනුව මෙවර ජනාධිපතිවරණය ද පැවැත්වීම හා දින නියම කිරීම සිදු කෙරෙන අතර එය කිසිසේත් හදිසියේ රජය ගත් තීරණයක් නොවන බවත් අය-වැය මගින් මුල දී ම ඒ සඳහා මුදල් ප්‍රතිපාදන ද වෙන් කර ඇති නිසා ජනාධිපතිවරණය පැවැත්වීම වෙනුවෙන් මූල්‍ය ගැටලු‍වක් මතු විය නොහැකි බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

රටේ ඇති වූ අරගලයකින් පසු මූල්‍ය හා ඉන්ධන අර්බුද වැනි ගැටලු‍කාරී වාතාවරණයක් පැවති කාලපරිච්ඡේදයක ජනාධිපතිවරයා විසින් 2022 වර්ෂයේ මැයි මාසයේ දී තමන්ට අධ්‍යාපන අමාත්‍ය ධුරය භාර දුන් බවත් එය අභියෝගයක් ලෙස භාර ගෙන අකර්මන්‍ය ව පැවති පාසල් පෙළපොත් හා නිල ඇඳුම් අඛණ්ඩ ව නිසි කලට ලබා දීම මෙන් ම පාසල් වසා තැබීම නිසා අතපසු ව පැවති අධ්‍යයන කටයුතු ආවරණය කරමින් විභාග කාලසටහන ක්‍රමයෙන් යථා තත්වයට ගෙන ඒමට ද කැප වීමෙන් ක්‍රියා කළ බවත් අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් කරුණු දක්වමින් කී ය.

එසේ ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අධ්‍යාපන අමාත්‍ය ධුරයේ වගකීමත් සමග ම පූර්ණ නිදහසක් හා මනා සහයෝගයක් තමන්ට ලබා දුන් බව ද සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙහි දී සිහිපත් කළේ ය.

ඒ අනුව සකස් කර ඇති ඉදිරි සැලසුම් ද අඛණ්ඩ ව ඉදිරියට ගෙන යා යුතු බව ද හෙතෙම පැවසී ය.

එහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ. ඉදිරියේ දී අභියෝග භාරගත නොහැකි පුද්ගලයන්ට රට භාර නොදෙන ලෙසයි.

– මාධ්‍ය ඒකකය

Related posts

කුණු එකතු කරන යානාවක් අභ්‍යවකාශයට යවයි. – Video

Shiran Viraj

ඉස්සර ප්‍රභාකරන් හිටියා වගේ තමයි කරූ දැන් පාර්ලිමේන්තුවේ ඉන්නේ

Shiran Viraj

මහින්ද රාජපක්‍ෂගේ අබිරහස් ස්ථානයකට නියෝජ්‍ය ඇමති පනී.. මුරකරුවන් ගේට්ටු වසති.. අබිරහස හෙලි නොවේ…

Shiran Viraj