28.4 C
Colombo
2026-07-10
mediahumanrights.lk
Local NewsNews

පාසල් සිසුවියක් දුෂණ කල ගුරුවරයෙකුට වසර 12ක සිර දඩුවම්…

පාසල් සිසුවියක් ලිංගික අපයෝජනය කල ස්වෙච්ඡා ගුරුවරයෙකුට වසර 12 ක බරපතල වැඩ සහිත සිර දඩුවමක් ලබා දිමට නුවරඑලිය මහාධිකරණ විනිසුරු විරාජ් විරසුරිය මහතා නියෝග කලේය.

මෙසේ බරපතල වැඩ සහිතව සිර දඩුවම් ලැබුවේ නෝටන්බ්‍රිජ් පොලිස් වසමට අයත් ඔස්බොන් වතුයායේ පදිංචි රාජරත්නම් ජෙගදිස්වරන් යන අයටයි.

චුදිත 2010.01.01 – 2010.01.31 අතර දිනයක අවු 16 හැවිරිදි පාසල් සිසුවියක් ලිංගික අපයෝජනය කිරිමේ චෝදනාව යටතේ නෝටන්බ්‍රිජ් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සැකකරුට එරෙහිව නුවරඑලිය මහාධිකරණය හමුවේ නෛතික පියවර ගෙන තිබුණි.

මහාධිකරණ විනිසුරුවරයා චුදිතට රු පන්දහසක දඩ මුදලක් ගෙවන ලෙසට නියෝග කල අතර , එම දඩ මුදල නොගෙවන්නේ නම් සිර දඩුවම් කාලය තවත් මාස තුනක් දක්වා දිර්ඝ කිරිමටත් , වින්දිතියට රු ලක්ෂ පහක වන්දියක් ගෙවන ලෙසටත්, එම වන්දි මුදල ගෙවිමට අපොහොසත් වුවහොත් තවත් වසර දෙකක කාලයක් සිර දඩුවම් ලබාදිමට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර සිටිහ.

– රංජිත් රාජපක්ෂ

Related posts

ජනාධිපති එක් රථයකින් පාර්ලිමේන්තුවට..

Shiran Viraj

YouTube මූලස්ථාන පරිශ්‍රයේ වෙඩි තැබීමකින් අයෙක් මරුට

Shiran Viraj

කථානායකවරයාට ඉරාන පාර්ලිමේන්තුවෙන් විශේෂ ආරාධනයක්!

Shiran Viraj
Translate »