2026-08-14
mediahumanrights.lk
Local NewsNews

කොළඹ නගරයේ පැල්පත් ඉවත් කිරීම ගැන නිවාස අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්

කොළඹ නගරයේ පැල්පත්වාසීන්ට නව නිවාස ලබා දීමෙන් පසු ඔවුන් කලින් පදිංචිව සිටි පැල්පත් හා තාවකාලික නිවාස කඩිනමින් ඉවත් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසනවා. කොවිඞ් වසංගත තත්ත්වය හමුවේ එම වැඩපිළිවෙලේ සුළු ප‍්‍රමාදයක් සිදුව ඇති බවයි එම අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නෙත් නිවුස් කළ විමසීමකදී කියා සිටියේ.

බම්බලපිටිය දුම්රියපොළ ආසන්නයේ වෙරළ තීරයේ පදිංචිව සිටි පැල්පත්වාසීන් පිරිසක් ද ඉකුත්දා මෝදර හේනමුල්ල ප‍්‍රදේශයේ නව නිවාස සංකීර්ණයක පදිංචි කරනු ලැබුවා. කෙසේ වෙතත්, ඔවුන් කලින් පදිංචිව සිටි පැල්පත් මේ දක්වා ඉවත් කර නැහැ. ඒ හේතුවෙන් අදාළ පැල්පත්වල වෙනත් පාර්ශවයන් පදිංචි වීම හෝ වෙනත් සමාජ විරෝධී කි‍්‍රයා සිදුවීමේ අවදානමක් පවතිනවා. අදාළ පැල්පත් නිවාස වහාම ඉවත් කරන ලෙස තමන් අදාළ අංශ වෙත උපදෙස් ලබාදෙන බවයි ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමකදී  නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා  සදහන් කළේ.  

කොළඹ නගර සීමාවේ පැල්පත් නිවාස 78,000 ක් පමණ පවතින බව මීට පෙර හදුනාගෙන තිබෙනවා. ඒ අතරින් පැල්පත් නිවාස 20,000 ක පමණ පුද්ගලයින් දැනට නව නිවාසවල පදිංචි කර ඇති බව ද නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා වැඩිදුරටත් සදහන් කළා.

Related posts

"තරබාරු නොවන පුද්ගලයින් මේද ප්‍රමාණය මත අධි තරබාරු විය හැකිය"

Shiran Viraj

නව ඡන්ද ක‍්‍රමයකට කැබිනට් යෝජනාවක්.. ජනාධිපතිවරණයත් කල් යයි..?

Shiran Viraj

ඉන්දියාව වැඩිපුර ප‍්‍රතිඅපනයන කරන නිසා නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දෙන්න ඔ්න කියන්නෙ මෝඩ තර්කයක්..- විමල්

Shiran Viraj
Translate »