24.5 C
Colombo
2026-01-13
mediahumanrights.lk
Local NewsNews

50ට වැඩි අය අනිවාර්යයෙන්ම ඇස් පරීක්ෂා කර ගන්නැයි දන්වයි..

වයස අවුරුදු 50 ට වැඩි ජනතාව අනිවාර්යයෙන්ම තමන්ගේ අක්ෂි පරීක්ෂා කර ගැනීම ඉතාම වැදගත් වන බවත්, එමෙන්ම තමන්ගේ ඥාතියකුට, පවුලේ කෙනෙකුට ග්ලෝකෝමා රෝගය තිබේ නම් ඒ අයත් අක්ෂි පරීක්ෂා කර ගැනීම ද, ඉතාම වැදගත් වන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා ප්‍රකාශ කරයි.

සෞඛ්‍ය ලේකම්වරයා මේ බව ප්‍රකාශ කරන ලදදේ ජාතික අක්ෂි රෝහලේ දී ග්ලෝකෝමා රෝගය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම සදහා පැවති විශේෂ මාධ්‍ය හමුවකට සහභාගී වෙමින්ය.

2024 වර්ෂයේ, ලෝක ග්ලෝකෝමා සතිය මාර්තු මස 10 සිට 16 දක්වා ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය හා ජාතික අක්ෂි රෝහල කටයුතු සිදු කර ඇති අතර, මෙම වර්ෂයේ දී තේමාව වශයෙන් “ග්ලෝකෝමා වලින් තොර ලෝකයක් සදහා එක් වෙමු” යන්න ගෙන ඇත.

මේ වෙනුවෙන් ජාතික අක්ෂි රෝහලේ රෝගීන් මෙන්ම දිවයින පුරා අක්ෂි සායන වල රෝගීන් දැනුවත් කිරීමේ වැඩසටහන්, වෛද්‍යවරුන් දැනුවත් කිරීමේ වැඩසටහන්, දිවයින පුරා රෝහල් වල ග්ලෝකෝමා විශේෂ අක්ෂි සායන ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති අතර, මෙහි පලමු අදියර ලෙස ගාල්ල, පුත්තලම, බදුල්ල, මහනුවර හා යාපනය යන දිස්ත්‍රික්ක ඉලක්ක කර ගනිමින් මෙම වැඩසටහන් ක්‍රියාත්මක වේ.

– Media unit

Related posts

ඒකාබද්ධ විපක්ෂය ඊයේ රෑ රැස්වී ශ්‍රී ලනිප අගමැති ගැන කතා කරයි

Shiran Viraj

මුහුදු රළ ගැන කාලගුණයෙන් කියන අලුත්ම නිවේදනය මෙන්න.

Shiran Viraj

සියළුම පුද්ගලික බස් රථ ධාවනයෙන් ඉවතට…

Shiran Viraj
Translate »