2025-12-11
mediahumanrights.lk
BusinessBusiness NewsNews

රෝහල් දෙකක් බෙදාගන්න ව්‍යාපාරික පොරයක්..

ශ්‍රී ලංකාවේ පවතින ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහල් දෙකක් සිය අයිතියට ලබා ගැනීම සඳහා මේ වනවිට ප්‍රබල ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු සූක්ෂ්ම තරගයකට අවතීර්ණ වී ඇති බව ව්‍යාපාර ක්ෂේත්‍ර ආරංචිමාර්ග පවසයි.

මෙම රෝහල් දෙකින් එකක් ණය අර්බුදයක් හේතුවෙන් පරාටේ නීතියට අනුව වාණිජ බැංකුවක් මගින් විකුණා දැමීමට එම බැංකුව උත්සාහ ගෙන ඇති අතර එම රෝහල අත්පත් කර ගැනීමට මෙරට ප්‍රධානතම පෙළේ ව්‍යාපාර ජාලයක බහුතර අයිතිය හිමි ව්‍යාපාර නායකයකු දැඩි උත්සහයක යෙදෙන බව සඳහන් වේ.

ඊට අමතරව රෝහලේ පවතින වත්කම් සහ වටිනාකමට සාපේක්ෂව ඉතා අඩු මුදලකට මෙම රෝහල අත්පත් කර ගැනීම සඳහා තවත් ව්‍යාපාර පාර්ශ්ව කිහිපයක් අදාළ බැංකුව සහ හිමිකරුවන් සමග සම්බන්ධ වෙමින් උත්සාහ දරන බව සඳහන් වේ. ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික පවුලකට වැඩි අයිතියක් ඇති මෙම රෝහල් ගනුදෙනුව හේතුවෙන් ප්‍රධාන ව්‍යාපාරිකයන් අතර දැඩි උණුසුමක් මෙන් ම යම් යම් විරසකයන් ද නිර්මාණය වී ඇති බව සඳහන් වේ.

අනෙක් රෝහල රජයේ වැඩි කොටස් අයිතියක් සහිත වන අතර එම රෝහල ලබා ගැනීම සඳහා ද ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු ම උත්සහ දරමින් සිටින බව සඳහන් වේ.

මේ වනවිට එම රෝහල සඳහා ආයෝජකයන් තේරීම, ඒ සඳහා මුදල් අමාත්‍යංශය විසින් පත් කරන ලද අමාත්‍ය මණ්ඩල කමිටුවක් මගින් පළමු අදියර අවසන්ව ඇති අතර එහිදී සුදුසුකම් නොලද එක් ව්‍යාපාරිකයෙකු ඊට එරෙහිව අධිකරණයේ ද සහය පතා ඇත. එසේම ඔහු සමග මෙම රෝහල සඳහා ආයෝජනය කිරීමට සුදුසුකම් නොලද සහ මූලික වටයේදී ඒ පිළිබඳව අවධානයක් යොමු නොකළ තවත් ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු විදේශ ආයෝජකයන් ද හවුල් කරගෙන එම රෝහල මිල දී ගැනීමට උත්සහ දරන බවත් මේ සඳහා රජයේ ප්‍රබලයන්ගේ සහය ලබා ගැනීමට කටයුතු කරමින් සිටින බවත් වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය සෞඛ්‍ය සේවාව තුළ පසුගිය කාලය තුළ පැවති අර්බුදකාරී තත්ත්වයත් සමග පෞද්ගලික වෛද්‍ය ක්ෂේත්‍රය වෙත මුදල් වැය කිරීම ක්‍රය ශක්තිය ඇති රෝගීන් යොමු වීමේ ප්‍රවණතාවක් සංචාරක ක්ෂේත්‍රයේ වර්ධනයත් හේතුවෙන් ආයෝජකයන්ගේ වැඩි ආකර්ෂණයක් හිමිව ඇති අතර විදේශ ආයෝජකයන් ද මෙම රෝහල් මිල දී ගැනීමේ තරගයට අවතීර්ණ වී ඇතැයි කරුණු හෙළි කළ ආරංචි මාර්ග සඳහන් කරයි.

– මව්බිම

Related posts

රුපියල තවත් කඩා වැටේ.. ඩොලරය 350 ආසන්නයේ…

Shiran Viraj

ලංකාවට උදවු කරන්න එපා..- රත්නජීවන් හූල් IMF ට කියයි..

Shiran Viraj

එජාපයේ හොඳම ප්‍රතිශතය මරික්කාර්ගෙන් !

Shiran Viraj
Translate »