27.2 C
Colombo
2026-10-24
mediahumanrights.lk
NewsPolitical

අනුර ජනාධිපති වෙලා අලුත් ව්‍යවස්ථාවක් හදලා විධායකය අහෝසි කරනවා..

ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම අනිවාර්යයෙන්ම සිදු කරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරයි.

තම ආණ්ඩුවක් යටතේ නව ව්‍යවස්ථාවක් සම්මාදනය කර විධායක ජනාධිපති ධුරයද අහෝසි කිරීම ද සිදු කරන බවද ඔහු පැවසීය.

ඉදිරි මැතිවරණ පරාජය පිළිබඳව බියට පත්ව ඇති පාලකයන් විවිධ උපක්‍රම භාවිතා කිරීමට පටන් ගෙන ඇතැයි ද හෙතෙම පෙන්වා දුන්නේය.

ඉදිරි ජනාධිපතිවරණයට කවුරුන් ඉදිරිපත් වුවද එය ජාතික ජන බලවේගයට අභියෝගයක් නොවන බවද ඒ මහතා තවදුරටත් සඳහන් කළේය.

ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ මූලස්ථානයේ දී මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.

7,298 views

Related posts

තුන්වැනි රැල්ල ආවොත් දැන්මම සූදානම් – ක්ෂේත්‍ර 55 කට මාර්ගෝපදේශ

Shiran Viraj

සමාජ ශාලා විවෘත කිරීමෙන් පසු දකුණු කොරියාවේ ආසාදිතයින්ගේ වර්ධනයක්

Shiran Viraj

සෑම පෙට්‍රල් ලීටරයකින්ම අනුර දිසානායක රුපියල් 120ක් ගන්නවා… ඩීසල් ලීටරයකින් 90ක් ගන්නවා…

Shiran Viraj
Translate »