mediahumanrights.lk
Local News News

හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ.

සිය නීතිඥවරුන් හරහා ගොනුකර ඇති මෙම පෙත්සමෙන් ඔහු සඳහන් කරන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමන්ව අත්අඩංගුවට ගෙන කිසිදු සාධාරණ හේතුවක් නැතිව රක්ෂිත බන්දනාගාර කිරීම තුළින් තම මූලික මිනිස් අයිතිවාසිකම් කඩ වී ඇති බවයි.

පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිසක් මෙහි වග උත්තරකරුවන් ලෙස නම් කර ඇත.

මෙම වග උත්තරකරුවන්ගෙන් රුපියල් මිලියන සීයක වන්දියක් අයකර දෙන ලෙසද පෙත්සම්කරු තවදුරටත් ඉල්ලයි.

Related posts

රස සහ රුව අපට ඉති­රි­කර අපෙන් සමු­ගත් ශාන්තා

Shiran Viraj

අලුත්ම ලොක්ඩවුන් නිවේදනය මෙන්න..

Shiran Viraj

අසභ්‍ය ඡායාරූප සහිත ජංගම දුරකතනයක් අල්ලයි

Shiran Viraj