mediahumanrights.lk
Local News News

‘යුක්තිය’ මගින් නීති නොකඩනු.. මානව හිමිකම් රකිනු..- පොලිස් කොමිසම දේශබන්දුට දන්වයි..

යුක්තිය මෙහෙයුමේ ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් ජාතික පොලිස් කොමිසම විසින් වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ලිපියක් යොමු කර ඇත.

එම මෙහෙයුම ක්‍රියාත්මක වන ආකාරය ගැන පළවන මාධ්‍ය වාර්තා පිළිබඳව ද පුද්ගලයන්ගෙන් එල්වන පැමිණි පිළිබඳවද වැඩ බලන පොලිස්පතිවරයාගේ අවධානය යොමු කරවමින් එම ලිපිය යවා තිබේ.

යුක්තිය මෙහෙයුම රටේ පවතින නීතිරීති රාමුව තුළ නීතිය නිසි ක්‍රියාදාමය අනුගමනය කරමින් ක්‍රියාත්මක කරන ලෙසද මෙම ලිපිය මගින් දැනුම් දී තිබේ.

මූලික අයිතිවාසිකම් උල්ලංඝනය නොවන අයුරින් හැසිරෙමින් මෙහෙයුම ක්‍රියාත්මක කරනැයි සියලුම නිලධාරීන්ට උපදෙස් දෙන ලෙසද පොලිස් කොමිසම දැනුම්දී ඇත.

Related posts

ආශු මාරසිංහට තානාපති ධුරයක්…?

Shiran Viraj

වවුනියාවේ ගෙවතු වගා 30,000ක සාර්ථකව අස්වනු නෙලයි.. අතිරික්ත එළවළු වෙළඳ පොලට…

Shiran Viraj

අර්බුදයට චන්ද්‍රිකා විසදුම් දෙකක් දෙයි..

Shiran Viraj