28.4 C
Colombo
2026-09-04
mediahumanrights.lk
BusinessBusiness NewsNews

IMF වාරිකයෙන් පසු තවත් ණය පෝලිමක්.. පලමුව ADB ඩොලර් මිලියන 600ක්..

ශ්‍රී ලංකාවට ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 600ක් ලැබීමට නියමිත බව රොයිටර්ස් පුවත් සේවය පැවසීය.

එම මුදල ජාත්‍යන්තර මූලය අරමුදලේ දෙවන වාරිකය ලැබුණු පසුව කොටස් වශයෙන් ලැබීමට නියමිත බව එම වාර්තාව සදහන් කරයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ලැබීමෙන් පසුව එම මුදල ලැබෙනු ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.

දෙවැනි වාරිකය මුදා හැරීම පිළිබඳ තීරණයක් ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුව ලබන 12 වැනි දා රැස්වීමට නියමිතයි.

ඊට අදාළ කොන්දේසි සපුරාලීමේ ප්‍රගතිය පිළිබඳ එහි නිලධාරීන් සමග සාකච්ඡා කර ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

මෙරටට ලබා දෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන වාරිකයේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 300ක.

– නාගොඩ සුමන උදයන්ත

Related posts

ආණ්ඩුවට බහුතරය නැති කරමින් තවත් 10ක් විපක්‍ෂයට..

Shiran Viraj

දකුණු අධිවේගයේ අනතුරින් 4ට තුවාලයි

Shiran Viraj

ජනපති ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය ජන්ද විමසීමකින් තොරව සම්මත වෙයි

Shiran Viraj
Translate »