31.7 C
Colombo
2026-09-27
mediahumanrights.lk
NewsPolitical

රනිල්ට සාගල විතරයි.. හැම කමිටුවෙම සභාපති සාගල..

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට රට මෙහෙයවීම සඳහා දේශපාලන දේහයක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.

ජනාධිපතිවරයාට ඉන්නා එකම පුද්ගලයා සාගල රත්නායක පමණක් බවත් ජනාධිපති පත් කරන ඕනෑම කමිටුවක සභාපති ධුරය හෝ ඉහළම ධුරයක් සාගල රත්නායක මහතාට හිමි වන්නේ ඒ අනුව බවත් හෙතෙම පැවසීය.

නමුත් රාජපක්ෂ පාලනය තුළ ඔවුන්ට අවශ්‍ය පරිදි රාජ්‍ය මෙහෙයවීම සඳහා දේශපාලන දේහයක් තිබූ බවද ඔහු පෙන්වා දෙයි.

නමුත් වත්මන් ජනාධිපතිවරයාට හොඳට හෝ නරකට තමන්ගේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නට රාජ්‍ය දේහයක් නැති බවත් ඔහුට ඇත්තේ සාගල රත්නායක පමණක් බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.

ජාතික ජනබලවේගය විසින් නුගේගොඩ දී පවත්වන ලද ජන බල විරෝධය ජන රැළිය අමතමින් ඔහු මේ අදහස් පල කරන ලදී.

Related posts

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ගැටලු අඩු කරන්න නවීන සපත්තු ගේන්න යයි

Shiran Viraj

LPL තරගාවලියට දකුණු අප‍්‍රිකානු ක‍්‍රීඩකයන් ලංකාවට…

Shiran Viraj

පීඩන අවපාතය ත‍්‍රි’මලය ඉදිරියේ.. පැය හයකින් තීව‍්‍ර සුළි කුණාටුවක්.. රතු නිවේදන නිකුත් කෙරේ..

Shiran Viraj
Translate »