26.5 C
Colombo
2026-10-10
mediahumanrights.lk
Local NewsNews

නාය යෑමෙන් පුද්ගලයන් 10 මරුට..

මාස දෙකක් තුළ සිදුවූ නායයෑම්වලින් පුද්ගලයින් 10 දෙනෙකු මිය ගොස් ඇතිබව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

මරණ පහක්ම රත්නපුර ප්‍රදේශයෙන් වාර්තාවී තිබේ. සෙසු මරණ බදුල්ල , ගාල්ල සහ මහනුවර ප්‍රදේශ වලින් වාර්තාවී තිබේ.

එම කාලසීමාව තුළ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පරික්ෂා කර ඇති අවදානම් ස්ථාන සංඛ්‍යාව 1559 කි.නාය යෑම් සිදුවූ ස්ථාන 131 ක් හඳුනා ගෙන තිබේ. කණ්ඩි කඩා වැටීම් 768 ක් සහ ගල් පෙරලීම් 88 ක් ද එහිදී හඳුනා තිබේ. වාර්තා වූ වෙනත් සිදුවීම් ගණන 159 කි.

– නාගොඩ සුමන උදයන්ත

Related posts

ණය නොගෙවන තීරණය ගත්තේ මමයි.. නන්දලාල් වෙනුවට මං අස්වන්නම්.. ඔහු වැනි නීර්භීතයන් අවශ්‍යයයි..- අලි සබ්රි

Shiran Viraj

කොරෝනා එන්නත් ගන්න සල්ලි නෑ.. ඩොලර් මිලියන 80.5ක ණයක් ලෝක බැංකුවෙන් ඉල්ලයි…

Shiran Viraj

කොරියානු අලුත් රජය ශ්‍රී ලංකාව සමඟ සබඳතා ශක්තිමත් කිරීමට සූදානම් – කොරියානු තානාපති මියොන් ලී

Shiran Viraj
Translate »