28.4 C
Colombo
2026-09-04
mediahumanrights.lk
Local NewsNews

Unity Plaza තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානයක් කෙරේ…

බම්බලපිටිය Unity Plaza සුපිරි වෙළෙඳ සංකීර්ණය තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානයක් ලෙස ප්‍රතිසංවර්ධනය කෙරේ. මෙහි ප්‍රතිසංවර්ධන කටයුතු සිදු කෙරුණේ රාජ්‍ය සහ පුද්ගලික අංශයේ ආයෝජන වැඩපිළිවෙළ යටතේයි.

ප්‍රතිසංවර්ධන කෙරුණු Unity Plaza වෙළෙඳ සංකීර්ණය විවෘත කිරීම නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.

Unity Plaza වෙළෙඳ සංකීර්ණය කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් පිහිටා ඇති ප්‍රධානතම වාණිජ ගොඩනැගිල්ලකි. මේ වනවිට මෙය සියලු තොරතුරු තාක්ෂණ අවශ්‍යතා එකම වහලක් යටින් සපුරා ගැනීමේ හැකියාව ඇති ප්‍රමුඛතම සාප්පු සංකීර්ණය බවට පරිවර්තනය වී තිබේ. මෙරට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ සංධිස්ථානයක් ලෙස හැදින්විය හැකි Unity Plaza, නවෝත්පාදන ප්‍රවර්ධනය සදහා රාජ්‍ය හා පෞද්ගලික සහයෝගීතාවයට හොදම උදාහරණයකි.

1982 වසරේ ජුනි මස 25 වනදා ඔනාලි හෝල්ඩින්ස් ප්‍රයිවට් ලිමිටඩ් සමාගම විසින් Unity Plaza ආරම්භ කර තිබේ. වර්තමානයේ මෙහි 51% ක කොටස් අයත් වන්නේ මෙම සමාගමටයි. මෙහි 45% ක කොටස් නාගරික සංවර්ධන අධිකාරියට අයත් වේ. මෙම වෙළෙඳ සංකීර්ණයේ නවීකරණ කටයුතු ආරම්භ කෙරුනේ 2021 වසරේදීය. ඒ සදහා රුපියල් මිලියන 400 ක පමණ මුදලක් වැය වී තිබේ.

වර්තමානයේ කැපී පෙනෙන පරිවර්තනයකට ලක්ව ඇති මෙම සුපිරි වෙළෙඳ සංකීර්ණය, අලෙවිසැල්වලින් යුතු මහල් 5 කින් සහ කාර්යාල පහසුකම්වලින් යුතු මහල් 5 කින් සමන්විතයි. නව ප්‍රතිසංවවර්ධන කටයුතු සමග පාරිභෝගික හිතකාමී පහසුකම් රැසක් මෙහි අන්තර්ගත කර තිබේ.

– ප්‍රදීප් අනුර කුමාර

Related posts

තවත් සද්ධන්තයෙක් යකඩ යකාගේ ගැටෙයි

Shiran Viraj

ශ‍්‍රී ලංකාවේ කොරෝනා මර්දනයට REGN-COV2 භාවිතයට අනුමැතිය දෙයි…

Shiran Viraj

ජනපති ඉන්දියා යයි.. වැඩබලන්න ඇමතිවරුන් පහක් පත් කරයි…

Shiran Viraj
Translate »